ගීතාවලිය 121:1-8

ගීතාවලිය 121:1-8 SNRV

කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට පිහිට ලැබෙන්නේ කොතැනින් ද? මට පිහිට ලැබෙන්නේ සමිඳාණන්ගෙන් ම ය. අහස පොළොව මැවූ සමිඳාණන්ගෙන් ම ය. එතුමාණෝ ඔබ පය පැකිළෙන්නට ඉඩ නොදෙන සේක. අවදි ව සිටිමින් ඔබ නිතින් රැක බලාගන්න සේක. ඉශ්රායෙල් ජාතියේ රැකවරණයාණන් හට නිදි බරවීමක් වත්, නිදාගැනීමක් වත් නැත්තේ ය. සමිඳාණෝ ඔබ රක්නා උත්තමයාණෝ ය. සමිඳාණෝ ඔබ දකුණත සිට ඔබට රැකවරණය දෙන සේක. දවාලේ හිරු ඔබට පීඩා නොකරන්නේ ය. රාත්‍රියේ සඳ ඔබට පීඩා නොකරන්නේ ය. සමිඳාණෝ සියලු නපුරෙන් ඔබ රැකගන්න සේක; ඔබේ ජීවිතය රැකවල් කරන සේක. මෙතැන් සිට සදාකාලයෙන් සදාකාලයට සමිඳාණෝ, ඔබේ යාම ඊම ආරක්ෂා කරන සේක.

ගීතාවලිය 121:1-8 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය