ගීතාවලිය 121:1-8

ගීතාවලිය 121:1-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)

කඳු දෙසට මම මගේ දෑස ඔසවන්නෙමි; මට පිහිට ලැබෙන්නේ කොහේ සිට ද? මගේ පිහිට ලැබෙන්නේ, අහසත්, පොළොවත් මැවූ ස්වාමින්වහන්සේගෙනි. ඔබ රක්නා තැනැන්වහන්සේ නො නිදන සේක්, ඔබගේ පාද ලිස්සන්නට ඉඩ නො දෙන සේක; ඔන්න! ඉශ්‍රායෙල් රක්නා තැනැන්වහන්සේට නිදාගැනීමක් නැත; නිදිබරවීමක් ද නැත. ස්වාමින්වහන්සේ ඔබගේ රැකවලාණෝ ය; ඔබගේ දකුණතේ ඔබගේ සෙවණ, ස්වාමින්වහන්සේ ය; දහවලේදී හිරු ඔබට පහර දෙන්නේ නැත; රැයේදී සඳු ද එසේ ම ය. සියලු උපද්‍රවවලින් ස්වාමින්වහන්සේ ඔබ සුරකින සේක; උන්වහන්සේ ඔබගේ ජීවිතය සුරකින සේක. ඔබගේ පිටත යෑම සහ ඔබගේ ඇතුළට ඒම ද මෙතැන් පටන් සදහට ම ස්වාමින්වහන්සේ සුරකින සේක.

ගීතාවලිය 121:1-8 Sinhala Revised Old Version (SROV)

කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද? මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ ස්වාමීන්ගෙන්මය. උන්වහන්සේ නුඹේ පය සෙලවෙන්ට නොදෙනසේක. නුඹ ආරක්ෂාකරන තැනන්වහන්සේ නොනිදනසේක. බලව, ඉශ්‍රායෙල් ආරක්ෂාකරන තැනන්වහන්සේට නිදිබරවීමක්වත් නිදාගැනීමක්වත් නැත්තේය. ස්වාමීන්වහන්සේ නුඹ ආරක්ෂා කරන තැනන්වහන්සේය. ස්වාමීන්වහන්සේ දකුණතින් නුඹට සෙවණය. දවාලේ ඉරවත් රාත්‍රියේ සඳවත් නුඹට පහර නොදෙන්නේය. ස්වාමීන්වහන්සේ සියලු නපුරෙන් නුඹ ආරක්ෂාකරනසේක. නුඹේ ප්‍රාණය ආරක්ෂාකරනසේක. දැන් පටන් සදාකාලේටම ස්වාමීන්වහන්සේ නුඹේ යාම ඊම ආරක්ෂාකරනසේක.

ගීතාවලිය 121:1-8 Sinhala New Revised Version (NRSV)

කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට පිහිට ලැබෙන්නේ කොතැනින් ද? මට පිහිට ලැබෙන්නේ සමිඳාණන්ගෙන් ම ය. අහස පොළොව මැවූ සමිඳාණන්ගෙන් ම ය. එතුමාණෝ ඔබ පය පැකිළෙන්නට ඉඩ නොදෙන සේක. අවදි ව සිටිමින් ඔබ නිතින් රැක බලාගන්න සේක. ඉශ්රායෙල් ජාතියේ රැකවරණයාණන් හට නිදි බරවීමක් වත්, නිදාගැනීමක් වත් නැත්තේ ය. සමිඳාණෝ ඔබ රක්නා උත්තමයාණෝ ය. සමිඳාණෝ ඔබ දකුණත සිට ඔබට රැකවරණය දෙන සේක. දවාලේ හිරු ඔබට පීඩා නොකරන්නේ ය. රාත්‍රියේ සඳ ඔබට පීඩා නොකරන්නේ ය. සමිඳාණෝ සියලු නපුරෙන් ඔබ රැකගන්න සේක; ඔබේ ජීවිතය රැකවල් කරන සේක. මෙතැන් සිට සදාකාලයෙන් සදාකාලයට සමිඳාණෝ, ඔබේ යාම ඊම ආරක්ෂා කරන සේක.

ගීතාවලිය 121:1-8 Sinhala New Revised Version 2018 (SNRV)