ගීතාවලිය 32
32
කමාව ලැබීමේ වාසනාව
දාවිත්ගේ අනුශාසනා ගීතයකි.
1 #
රෝම 4:7-8
අපරාධයට සමාව ද පාපයට සමාව ද ලත් මිනිසා ආසිරි ලද්දෙකි.
2වරදක් ගැන සමිඳුන්ගෙන් චෝදනාවක් නොලබන, වංක සිතක් නොමැති මිනිසා ආසිරි ලද්දෙකි.
3මාගේ වරද ගැන නිහඬ ව සිටිමින්, දවස පුරා කඳුළු හෙළා සුසුම් ලෑමෙන් මාගේ ඇඟපත දිරා ගියේ ය.
4දිවා රෑ දෙකේ දී ම ඔබ මට දඬුවම් කළ සේක;
මාගේ ශක්තිය පහ ව ගියේ ය.
ගිම්හානයේ දී නැති වන දියසීරාව මෙන් වියළී ගියේ ය.
5 #
2 සාමු 12:13
මාගේ පව් නොසඟවා මම පාපෝච්චාරණය කෙළෙමි.
“හිමි තුමන්ට මාගේ පව් කියන්නෙමි”යි කීමි.
ඔබ ද මාගේ පාප දෝෂ කමා කළ සේක.
6එබැවින් ඔබේ සැදැහැවත්තු විපතේ දී ඔබට යාච්ඤා කරත් වා!
ඉවුරු තළා නඟින මහ ජලධාරා මෙන් විපත්ති පැමිණියත්, ඒවා ඔවුන් අසලටවත් නොපැමිණෙයි.
7මා රැකවරණය ඔබ ය;
දුක් දොම්නසින් ඔබ මා රක්නා සේක.
විමුක්ති ගීත මා අවටින් මතු වෙයි.
8“නුඹට උගන්වන්නෙමි;
යා යුතු මඟ ගැන උවදෙස් දෙන්නෙමි;
මා දෙනෙතින් නුඹ දෙස බලා නුඹට දැනමුතුකම් දෙන්නෙමි.
9අශ්වයෙකු හෝ කොටළුවෙකු හෝ මෙන් මෝඩ නොවන්න;
උන් දමනය කිරීමට කටකලියාව හා පටිය අවශ්‍ය ය.
නැතහොත් නුඹට උන් පාලනය කළ නොහැකි ය.”
10දුදනන් හට බොහෝ දුක් දොම්නස් ඇත.
එහෙත්, හිමි තුමන් කෙරේ විශ්වාසය තබන්නා දිව්‍ය කරුණාවෙන් වට වී සිටියි.
11දමිටුනි, හිමි තුමන් කෙරේ ප්‍රීති වී උදන් අනන්න.
අවංක සිත් ඇති සියල්ලෙනි, ප්‍රීති ඝෝෂා පවත්වන්න.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 32: NRSV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society