සමිඳුනි, ඉක්මනින් මට පිළිතුරු දුන මැනව. මාගේ සිත අඩපණ වී ඇත. පාතාලයට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව. උදය කාලයේ ඔබේ කරුණා ගුණය දකින්න මට සැලසුව මැනව. මම ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා යා යුතු මාර්ගය මට දැක්වුව මැනව. ඔබ දෙස මාගේ සිත ඔසවමි. සමිඳුනි, මාගේ සතුරන්ගෙන් මා ගැළෙව්ව මැනව. රැකවරණය පිණිස මම ඔබ වෙත දුවගෙන එමි. ඔබේ කැමැත්ත කරන්න මට ඉගැන්නුව මැනව. ඔබ මාගේ දෙවිඳාණෝ ය. ඔබ යහපත් වන බැවින් පහසු මාවතක මා ගෙන ගිය මැනව.
ගීතාවලිය 143 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 143:7-10
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ