ගීතාවලිය 143:7-10
ගීතාවලිය 143:7-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
වහා මට පිළිතුරු දෙන්න. අහෝ ස්වාමින්වහන්ස, මගේ ආත්මය මැලවී යයි. ඔබගේ මුහුණ මවෙතින් නො සැඟවුව මැනව; මා වළට බැස ගිය එකකු සේ නො වේවා. ඔබගේ නොමියෙන ප්‍රේමය ගැන උදෙන් ම මට අසන්නට ලැබේවා, මන්ද මම ඔබ තුළ විශ්වාසය තබමි. මා යා යුතු මග මට පෙන්නුව මැනව, මන්ද මගේ ජීවය මා ඔසවන්නේ ඔබට ය. මගේ සතුරන්ගෙන් මා මුදා ගත මැනව, අහෝ ස්වාමින්වහන්ස, සරණ පතා මා දුව ආවේ ඔබ වෙතට ය. ඔබගේ කැමැත්ත කරන්නට මට ඉගැන්නුව මැනව, මන්ද මගේ දෙවියන්වහන්සේ ඔබ ය; ඔබගේ යහපත් ආත්මයාණන් සමතලා බිමක මට මගපෙන්වාවා!
ගීතාවලිය 143:7-10 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, ඉක්මනින් මට උත්තරදුන මැනව; මාගේ ආත්මය ක්ලාන්තවේ. වළට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව. උදය ඔබගේ කරුණාගුණය මට ඇසෙන්ට සැලැස්සුව මැනව; මක්නිසාද ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා විසින් යා යුතු මාර්ගය මට දැක්වුව මැනව; මක්නිසාද ඔබ දෙසට මාගේ සිත ඔසවමි. ස්වාමිනි, මාගේ සතුරන්ගෙන් මා ගැළෙවුව මැනව. සැඟවෙන පිණිස ඔබ වෙතට පලාඑමි. ඔබගේ කැමැත්ත කරන්ට මට ඉගැන්වුව මැනව; මක්නිසාද ඔබ මාගේ දෙවියන්වහන්සේය. ඔබගේ ආත්මය යහපත්ය; අවංකකමේ දේශයෙහි මා ගෙනගිය මැනව.
ගීතාවලිය 143:7-10 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, ඉක්මනින් මට පිළිතුරු දුන මැනව. මාගේ සිත අඩපණ වී ඇත. පාතාලයට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව. උදය කාලයේ ඔබේ කරුණා ගුණය දකින්න මට සැලසුව මැනව. මම ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා යා යුතු මාර්ගය මට දැක්වුව මැනව. ඔබ දෙස මාගේ සිත ඔසවමි. සමිඳුනි, මාගේ සතුරන්ගෙන් මා ගැළෙව්ව මැනව. රැකවරණය පිණිස මම ඔබ වෙත දුවගෙන එමි. ඔබේ කැමැත්ත කරන්න මට ඉගැන්නුව මැනව. ඔබ මාගේ දෙවිඳාණෝ ය. ඔබ යහපත් වන බැවින් පහසු මාවතක මා ගෙන ගිය මැනව.
ගීතාවලිය 143:7-10 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳුනි, ඉක්මනින් මට පිළිතුරු දුන මැනව. මාගේ සිත අඩපණ වී ඇත. පාතාලයට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව. උදය කාලයේ ඔබේ කරුණා ගුණය දකින්න මට සැලසුව මැනව. මම ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා යා යුතු මාර්ගය මට දැක්වුව මැනව. ඔබ දෙස මාගේ සිත ඔසවමි. සමිඳුනි, මාගේ සතුරන්ගෙන් මා ගැළෙව්ව මැනව. රැකවරණය පිණිස මම ඔබ වෙත දුවගෙන එමි. ඔබේ කැමැත්ත කරන්න මට ඉගැන්නුව මැනව. ඔබ මාගේ දෙවිඳාණෝ ය. ඔබ යහපත් වන බැවින් පහසු මාවතක මා ගෙන ගිය මැනව.
ගීතාවලිය 143:7-10 New International Version (NIV)
Answer me quickly, LORD; my spirit fails. Do not hide your face from me or I will be like those who go down to the pit. Let the morning bring me word of your unfailing love, for I have put my trust in you. Show me the way I should go, for to you I entrust my life. Rescue me from my enemies, LORD, for I hide myself in you. Teach me to do your will, for you are my God; may your good Spirit lead me on level ground.
