ගීතාවලිය 77:1-10

ගීතාවලිය 77:1-10 SROV

මාගේ හඬින් දෙවියන්වහන්සේට, එසේය, මාගේ හඬින් දෙවියන්වහන්සේට මොරගසන්නෙමි, උන්වහන්සේ මට කන්දෙනසේක. දුක් ඇති දවසේදී ස්වාමීන් සෙවීමි. රාත්‍රියේදී මාගේ අත නොනැවතී දිගුකර තිබුණේය; මාගේ ආත්මය සැනසෙන්ට අකැමැතිවිය. මම දෙවියන්වහන්සේ සිහිකොට චංචලව සිටිමි. මම මෙනෙහිකරමි, මාගේ ආත්මයද ශෝකයෙන් පිරී ගියේය. ඔබ මාගේ ඇස්වලින් නින්ද වලක්වනසේක. කථාකරන්ට බැරි තරම් කැලඹී සිටිමි. මම පුරාණයේ දවස්ද පූර්ව කාලවල අවුරුදුද කල්පනාකෙළෙමි. රාත්‍රියේ මාගේ ගීතිකාව සිහිකොට, මාගේම සිත සමඟ කථාකරමි; මාගේ ආත්මයද ඕනෑකමින් විමසුවේය. ස්වාමීන්වහන්සේ සදාකාලේටම පහකරනසේක්ද? තවත් කරුණා නොකරනසේක්ද? උන්වහන්සේගේ දයාව සහමුලින්ම පහව ගියේද? උන්වහන්සේගේ පොරොන්දුව සදාකල් ඉෂ්ට නොවන්නේද? දෙවියන්වහන්සේ කරුණාකරන්ට මතකනැතිකළසේක්ද? කෝපයෙන් ස්වකීය දයාව වැලැක්වූසේක්ද? එවිට මම කථාකොට: මේ මාගේ දුර්වලකමය; නුමුත් මහෝත්තමයාණන්ගේ දකුණතේ අවුරුදු සිහිකරන්නෙමි.