ගීතාවලිය 77:1-10
ගීතාවලිය 77:1-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කෑ ගසා මම දෙවියන්වහන්සේට හඬ ගසමි; උන්වහන්සේ මට කන්දෙන සේක. කරදර අසීරුතාහි දී මම ස්වාමින් සෙවීමි; රැයේදී වෙහෙස නො බලා, මම දෑත දිගු කර ගෙන සිටියෙමි, එහෙත් මට සැනසිල්ලක් ලැබුණේ නැත. අහෝ දෙවියන්වහන්ස මම, ඔබ සිහි කරමින්, කෙඳිරි ගෑවෙමි; මම ඕනෑකමින් සිතා බැලුවෙමි; එවිට මගේ ආත්ම ශක්තිය පිරිහී යන්නට විය. සෙලා නිදන පිණිස දෑස පියාගන්නට ඔබ මට ඉඩ නො දුන් සේක; මට කතා කරගන්නටවත් නො හැකි විය. යටගිය දවස් ගැන මම සිතුවෙමි, ඈත අතීත අවුරුදු ගැන කල්පනා කළෙමි. රැයේදී මම මගේ ගීත සිහි කළෙමි. මගේ හදින් ඕනෑකමින් සිතා බැලූ මම මෙසේ විමසීමි: “ස්වාමින් සදහට ම ප්‍රතික්ෂේප කරන සේක් ද? යළි කිසි දින එතුමාණෝ කරුණා නො කරන සේක් ද? එතුමන්ගේ නොමියෙන පෙම සදහට ම අතුරුදහන් වී ද? එතුමන්ගේ පොරොන්දු සැම කලට ම ඇනහිටියේ ද? දයා පෑමට දෙවියන්වහන්සේට අමතක වී ද? එතුමෝ කෝපයෙන් තම අනුකම්පාව යටපත් කළ සේක් ද?” සෙලා එවිට මම කතා කොට, “මට වේදනා දෙන්නේ මෙය වේ: මහෝත්තමයාණන්ගේ දකුණත පෙර තිබූ අයුරු නො වේ” යි කීවෙමි.
ගීතාවලිය 77:1-10 Sinhala Revised Old Version (SROV)
මාගේ හඬින් දෙවියන්වහන්සේට, එසේය, මාගේ හඬින් දෙවියන්වහන්සේට මොරගසන්නෙමි, උන්වහන්සේ මට කන්දෙනසේක. දුක් ඇති දවසේදී ස්වාමීන් සෙවීමි. රාත්‍රියේදී මාගේ අත නොනැවතී දිගුකර තිබුණේය; මාගේ ආත්මය සැනසෙන්ට අකැමැතිවිය. මම දෙවියන්වහන්සේ සිහිකොට චංචලව සිටිමි. මම මෙනෙහිකරමි, මාගේ ආත්මයද ශෝකයෙන් පිරී ගියේය. ඔබ මාගේ ඇස්වලින් නින්ද වලක්වනසේක. කථාකරන්ට බැරි තරම් කැලඹී සිටිමි. මම පුරාණයේ දවස්ද පූර්ව කාලවල අවුරුදුද කල්පනාකෙළෙමි. රාත්‍රියේ මාගේ ගීතිකාව සිහිකොට, මාගේම සිත සමඟ කථාකරමි; මාගේ ආත්මයද ඕනෑකමින් විමසුවේය. ස්වාමීන්වහන්සේ සදාකාලේටම පහකරනසේක්ද? තවත් කරුණා නොකරනසේක්ද? උන්වහන්සේගේ දයාව සහමුලින්ම පහව ගියේද? උන්වහන්සේගේ පොරොන්දුව සදාකල් ඉෂ්ට නොවන්නේද? දෙවියන්වහන්සේ කරුණාකරන්ට මතකනැතිකළසේක්ද? කෝපයෙන් ස්වකීය දයාව වැලැක්වූසේක්ද? එවිට මම කථාකොට: මේ මාගේ දුර්වලකමය; නුමුත් මහෝත්තමයාණන්ගේ දකුණතේ අවුරුදු සිහිකරන්නෙමි.
ගීතාවලිය 77:1-10 Sinhala New Revised Version (NRSV)
මම දෙවිඳුන් හට මොරගසමි; එසේ ය, උස් හඬින් දෙවිඳුන් හට මොරගසමි. එතුමාණෝ මට සවන් දෙන සේක. විපත්ති කාලයේ දී මම මාගේ සමිඳුන්ට යදිමි. මුළු රැය ම එතුමන් වෙත දෑත ඔසවා යැදුම් යදිමි. එහෙත්, මට සැනසුම සොයාගත නොහැකි ය. දෙවිඳුන් ගැන සිතමින් මම සුසුම් හෙළන්නෙමි; මා භාවනා කරන විට මම අධෛර්ය වන්නෙමි. එතුමාණෝ මුළු රැය ම මා අවදිව තබන සේක. කතා කරන්නට බැරි තරමට මම කැළඹී සිටින්නෙමි. යටගිය දවස් ගැන මම කල්පනා කරන්නෙමි; ගෙවී ගිය අවුරුදු සිහිපත් කරන්නෙමි. මුළු රෑ පුරා මම භාවනා කරන්නෙමි. මම මෙනෙහි කරමින් මාගෙන් ම මෙලෙස අසන්නෙමි. “සමිඳාණෝ සදහට ම අප අත් හරින සේක් ද? එතුමාණෝ යළි අපට කරුණාව නොපෙන්වන සේක් ද? එතුමන්ගේ තිර පෙම සහමුලින් ම පහ ව ගොස් තිබේ ද? එතුමන් දුන් පොරොන්දුව සදහට ම ඉටු නොකරන සේක් ද? දෙවිඳාණෝ කරුණාව පෑමට අමතක කර ඇද් ද? නැතහොත් උදහස නිසා දයාව අත්හළ සේක් ද?” එවිට මම කතා කොට, “මට ඉතා වේදනා දෙන්නේ මෙය වේ; මන්ද, මහෝත්තමයාණන්ගේ බලය ඉවත් ව ගොස් තිබේ යැ”යි කීවෙමි.
ගීතාවලිය 77:1-10 Sinhala New Revised Version 2018 (SNRV)
මම දෙවියන් වහන්සේ හට මොරගසමි; එසේ ය, උස් හඬින් දෙවිඳුන් හට මොරගසමි. එතුමාණෝ මට සවන් දෙන සේක. විපත්ති කාලයේ දී මම මාගේ සමිඳුන්ට යදිමි. මුළු රැය ම එතුමාණෝ වෙත දෑත ඔසවා යැදුම් යදිමි. එහෙත්, මට සැනසුම සොයාගත නොහැකි ය. දෙවිඳුන් ගැන සිතමින් මම සුසුම් හෙළන්නෙමි; මා භාවනා කරන විට මම අධෛර්ය වන්නෙමි. එතුමාණෝ මුළු රැය ම මා අවදිව තබන සේක. කතා කරන්නට බැරි තරමට මම කැළඹී සිටින්නෙමි. යටගිය දවස් ගැන මම කල්පනා කරන්නෙමි; ගෙවී ගිය අවුරුදු සිහිපත් කරන්නෙමි. මුළු රෑ පුරා මම භාවනා කරන්නෙමි. මම මෙනෙහි කරමින් මාගෙන් ම මෙලෙස අසන්නෙමි. “සමිඳාණෝ සදහට ම අප අත් හරින සේක් ද? එතුමාණෝ යළි අපට කරුණාව නොපෙන්වන සේක් ද? එතුමාණන්ගේ තිර පෙම සහමුලින් ම පහ ව ගොස් තිබේ ද? එතුමාණෝ දුන් පොරොන්දුව සදහට ම ඉටු නොකරන සේක් ද? දෙවිඳාණෝ කරුණාව පෑමට අමතක කර ඇද් ද? නැතහොත් උදහස නිසා දයාව අත්හළ සේක් ද?” එවිට මම කතා කොට, “මට ඉතා වේදනා දෙන්නේ මෙය වේ; මන්ද, මහෝත්තමයාණන්ගේ බලය ඉවත් ව ගොස් තිබේ යැ”යි කීවෙමි.
ගීතාවලිය 77:1-10 New International Version (NIV)
I cried out to God for help; I cried out to God to hear me. When I was in distress, I sought the Lord; at night I stretched out untiring hands, and I would not be comforted. I remembered you, God, and I groaned; I meditated, and my spirit grew faint. You kept my eyes from closing; I was too troubled to speak. I thought about the former days, the years of long ago; I remembered my songs in the night. My heart meditated and my spirit asked: “Will the Lord reject forever? Will he never show his favor again? Has his unfailing love vanished forever? Has his promise failed for all time? Has God forgotten to be merciful? Has he in anger withheld his compassion?” Then I thought, “To this I will appeal: the years when the Most High stretched out his right hand.