ගීතාවලිය 141

141
පරීක්ෂාවෙන් හා පීඩාවෙන් මිදීම පිණිස යාච්ඤාව
දාවිත්ගේ ගීතයකි.
1ස්වාමිනි, මම ඔබට යාච්ඤාකෙළෙමි;
මා ළඟට ඉක්මනින් අව මැනව.
ඔබට යාච්ඤාකරන කල මාගේ ශබ්දයට ඇහුම්කන්දුන මැනව.
2මාගේ යාච්ඤාව ඔබ ඉදිරියේ සුවඳ දුම් මෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාව මෙන්ද පිහිටා ගනීවා.
3 ස්වාමිනි, මාගේ කටෙහි රැකවලක් තබා, මාගේ තොල් නමැති දොර රක්ෂාකළ මැනව.
4අයුතුකම්කරන මනුෂ්‍යයන් සමඟ දුෂ්ට ක්‍රියාවල පවතින ලෙස, කිසි නපුරු දෙයකට මාගේ සිත යොමුවෙන්ට නොහළ මැනව;
ඔවුන්ගේ මිහිරි දේද අනුභව නොකරෙමේවා.
5ධර්මිෂ්ඨයා මට පහරදේවා, ඒක කරුණාවක් වන්නේය;
ඔහු මට තරවටුකෙරේවා, එය හිස පිට තෙල් මෙන් වන්නේය;
මාගේ හිස ඊට අප්‍රිය නොකෙරේවා.
මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම අතරේදී පවා මාගේ යාච්ඤාව පවතින්නේය.
6ඔවුන්ගේ විනිශ්චයකාරයෝ ප්‍රපාතවලින් හෙළනු ලබති;
ඔව්හු මාගේ වචන අසන්නෝය;
මක්නිසාද ඒවා මිහිරිය.
7පොළොව හාලා පෙරළන කල්හි මෙන් අපේ ඇට මිනීවළේ කට ළඟ ඉසිරී තිබේ.
8එසේය, ස්වාමිවූ දෙවියන්වහන්ස, මාගේ ඇස් ඔබ දෙස යොමුවී තිබේ.
මාගේ විශ්වාසය ඔබ කෙරෙහි තබමි;
මාගේ ප්‍රාණය අසරණවෙන්ට නොහළ මැනව.
9ඔවුන් මට තැබූ මලපතින්ද අයුතුකම්කරන්නන්ගේ උගුල්වලින්ද මා ආරක්ෂාකළ මැනව.
10මා ගැළවීයන අතර දුෂ්ටයෝ තමුන්ගේම දැල්වල වැටෙත්වා.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 141: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න