1
හිතෝපදේශ 13:20
Sinhala Revised Old Version
SROV
ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.
සසඳන්න
හිතෝපදේශ 13:20 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 13:3
කට රැකගන්නා තමාගේ ජීවිතයද රැකවල්කරගනියි; එහෙත් බොහෝසෙයින් කට අරින්නා විනාශයට පැමිණෙයි.
හිතෝපදේශ 13:3 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 13:24
ඉපල පාවිච්චි නොකරන්නා තම පුත්රයාට වෛරවන්නේය; එහෙත් ඔහුට ප්රේමවෙන්නා කල්තබා ඔහුට දඬුවම්කරන්නේය.
හිතෝපදේශ 13:24 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 13:12
පැතූ දේ ප්රමාදවීමෙන් සිත කලකිරෙන්නේය; එහෙත් ආශාව ඉෂ්ටවීම ජීවන වෘක්ෂයක්ය.
හිතෝපදේශ 13:12 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 13:6
ධර්මිෂ්ඨකම සෘජු හැසිරීම ඇත්තා රැකවල්කරයි; එහෙත් දුෂ්ටකම පාපිෂ්ඨයා පෙරළා දමයි.
හිතෝපදේශ 13:6 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 13:11
සැහැල්ලුලෙස ලැබූ සම්පත් අඩුවී යන්නේය; එහෙත් අතේ උත්සාහයෙන් රැස්කරගන්නාට ඒවා වැඩිවන්නේය.
හිතෝපදේශ 13:11 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 13:10
උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය; එහෙත් දැනමුතුකම පිළිගන්නන් වෙත ප්රඥාව තිබේ.
හිතෝපදේශ 13:10 ගවේෂණය කරන්න
8
හිතෝපදේශ 13:22
සත්පුරුෂයා තමාගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් තබා යයි; පාපිෂ්ඨයාගේ වස්තුව ධර්මිෂ්ඨයන්ට තැන්පත්කොට තබා තිබේ.
හිතෝපදේශ 13:22 ගවේෂණය කරන්න
9
හිතෝපදේශ 13:1
ඥානවන්ත පුත්රයා තම පියාගේ ඔවා බස් අසන්නේය; එහෙත් නින්දාකරන්නා තරවටුව නොඅසන්නේය.
හිතෝපදේශ 13:1 ගවේෂණය කරන්න
10
හිතෝපදේශ 13:18
අවවාදය පිළි නොගන්නාට දිළිඳුකමද නින්දාවද වන්නේය; එහෙත් තරවටුව සලකන්නා ගෞරවයට පැමිණෙයි.
හිතෝපදේශ 13:18 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ