හිතෝපදේශ 11
11
1හොර තරාදිය ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය;
එහෙත් හරි කළන්පඩියට උන්වහන්සේ ප්‍රසන්නය.
2උඩඟුකම පැමිණෙන කල ලජ්ජාවත් පැමිණෙයි;
එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව තිබේ.
3ඇද නැත්තන්ගේ අවංකකම ඔවුන්ට මග පෙන්වයි;
එහෙත් ද්‍රෝහීන්ගේ වංචාකම ඔවුන් විනාශකරයි.
4උදහස් දවසේදී සම්පතෙන් උපකාර නොලැබේ;
එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි.
5නිර්දෝෂ අයගේ ධර්මිෂ්ඨකම ඔහුගේ මාර්ගය සමතලාකරයි;
එහෙත් දුෂ්ටයා තමාගේම දුෂ්ටකමෙන් වැටෙයි.
6ඇද නැත්තන්ගේ ධර්මිෂ්ඨකම ඔවුන් ගළවයි;
එහෙත් ද්‍රෝහිකාරයෝ තමුන්ගේ ප්‍රයෝගයෙන් අසුවනු ලබති.
7දුෂ්ට මනුෂ්‍යයා නසිනකල ඔහුගේ බලාපොරොත්තුව නැතිවෙයි;
අයුතුකම්කරන්නන්ගේ ප්‍රාර්ථනාවද නැතිවෙයි.
8ධර්මිෂ්ඨයා විපතින් මුදනු ලබයි, දුෂ්ටයා ඔහු වෙනුවට විපතට පත්වෙයි.
9අභක්තිකයා තමාගේ මුඛයෙන් තමාගේ අසල්වාසියා විනාශකරයි;
එහෙත් දැනගැන්ම කරණකොටගෙන ධර්මිෂ්ඨයෝ ගැළවෙන්නෝය.
10ධර්මිෂ්ඨයන්ට ශුභසිද්ධවන කල නගරය ප්‍රීතිවෙයි;
දුෂ්ටයන් නැතිවනකල ඔල්වරහඬ පවත්වයි.
11ඇද නැත්තන්ගේ ආශීර්වාදයෙන් නගරය උසස්වෙයි;
එහෙත් දුෂ්ටයන්ගේ මුඛයෙන් එය පෙරළාදමනු ලබයි.
12තමාගේ අසල්වාසියා හෙළාදකින්නා නුවණ නැත්තෙකි;
එහෙත් ඥානය ඇති මනුෂ්‍යයා නිශ්ශබ්දව සිටියි.
13කේලාම්කියමින් ඇවිදින්නා රහස් එළිදරව්කරයි;
එහෙත් විශ්වාස සිතක් ඇත්තා කාරණය සඟවයි.
14ඥානවන්ත පාලනයක් නැති විට සෙනඟ වැටෙති;
එහෙත් මන්ත්‍රීවරුන් රාශියක් කරණකොටගෙන ආරක්ෂාව ඇත්තේය.
15අන්‍යයෙකුට ඇපවෙන්නාට දුක් පැමිණෙයි;
එහෙත් ඇපවීමට මැලිකරන්නා සුරක්ෂිතව සිටින්නේය.
16ශෝභන ස්ත්‍රියෙක් ගෞරවය රැකගන්නීය;
බලාත්කාරකම්කරන්නෝ වස්තුව රැකගනිති.
17කරුණාවන්ත මනුෂ්‍යයා තමාගේම ප්‍රාණයට යහපත කරගන්නේය;
එහෙත් කෲරයා තමාගේම මාංසය කලඹන්නේය.
18දුෂ්ටයා වංචාකාර ලාභයක් සම්බකරගන්නේය;
එහෙත් ධර්මිෂ්ඨකම වපුරන්නා ස්ථිර ප්‍රතිඵල ලබන්නේය.
19ධර්මිෂ්ඨකමෙහි ස්ථිරව සිටින්නා ජීවනයට පැමිණෙන්නේය;
නපුර අනුව යන්නා තමාට මරණය ළඟාකරගන්නේය.
20වංක සිත් ඇත්තෝ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
එහෙත් සම්පූර්ණ මාර්ගයක යන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නසේක.
21 # 11:21 නොහොත්, ඒකාන්තයෙන්ම. අතට අත එකතුවුණත් දුෂ්ටයා දඬුවම් නොලැබ නොසිටින්නේය;
එහෙත් ධර්මිෂ්ඨයන්ගේ වංශය මුදනු ලබන්නේය.
22ඌරෙකුගේ හොස්සේ ලූ රන් මුදුවක් යම්සේද නුවණ නැති රූපත් ස්ත්‍රියද එසේමය;
23ධර්මිෂ්ඨයන්ගේ ආශාව යහපතමය;
දුෂ්ටයන්ගේ බලාපොරොත්තුව උදහසය.
24විසුරුවන නුමුත් වස්තුව වැඩිකරගන්න කෙනෙක්ද හිඟකමට පැමිණෙන හැටියට අයුතු ලෙස වලක්වාගන්න කෙනෙක්ද ඇත.
25ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය;
පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය.
26ධාන්‍ය නොදෙන්නාට සෙනඟ ශාපකරනවා ඇත;
එහෙත් එය විකුණන්නාගේ හිසට ආශීර්වාදයක් පැමිණෙයි.
27යහපත ගැන වීර්යකරන්නා කරුණාව සොයන්නේය;
එහෙත් නපුර සොයන්නාට ඒකම පැමිණෙන්නේය.
28තමාගේ වස්තුව කෙරෙහි විශ්වාසකරන්නා වැටෙන්නේය;
එහෙත් ධර්මිෂ්ඨයා අමු කොළයක් මෙන් සශ්‍රීකවෙයි.
29තමාගේ පවුල කලඹන්නාට සුළං උරුමවන්නේය;
මෝඩයා ප්‍රඥා සිතක් ඇත්තාට වැඩකාරයෙක් වන්නේය.
30ධර්මිෂ්ඨයාගේ ඵලය ජීවන වෘක්ෂයක්ය;
ආත්ම දිනාගන්නා ඥානවන්තයෙක්ය.
31බලව, ධර්මිෂ්ඨයා පොළොවේදී ප්‍රතිඵල විඳින්නේය;
ඊට කොපමණ වැඩියෙන් දුෂ්ටයාටත් පව්කාරයාටත් විපාක නොලැබෙන්නේද!
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ 11: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

:
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society