හිතෝපදේශ 10
10
නානාවිධ හිතෝපදේශ
(22:16 දක්වා)
1සාලමොන්ගේ හිතෝපදේශය.
ඥානවන්ත පුත්‍රයෙක් පියා ප්‍රීතිකරන්නේය;
එහෙත් අඥාන පුත්‍රයෙක් තමාගේ මවුට ශෝකයක්ය.
2දුෂ්ටකමේ වස්තුවලින් උපකාරයක් නොලැබේ;
එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි.
3 ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයා හාමත්වෙන්ට නාරිනසේක;
එහෙත් දුෂ්ටයන්ගේ අභිලාෂය උන්වහන්සේ නිෂ්ඵලකරනසේක.
4අලස අතකින් ක්‍රියාකරන්නා දිළිඳුවන්නේය;
එහෙත් උත්සාහ ඇත්තාගේ හස්තය ධනය උපදවන්නේය.
5ග්‍රීෂ්ම කාලයෙහි රැස්කරගන්නා ඥානවන්ත පුත්‍රයෙක්ය;
ගොයම් කපන කාලයෙහි නිදන්නා ලජ්ජා ඇතිකරවන පුත්‍රයෙක්ය.
6ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශීර්වාද තිබේ;
එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසන්නේය.
7ධර්මිෂ්ඨයා සිහිකිරීම වාසනාවන්තය;
එහෙත් දුෂ්ටයන්ගේ නම දිරායන්නේය.
8ප්‍රඥාවත් සිතක් ඇත්තා ආඥා පිළිගනියි;
එහෙත් දොඩවන මෝඩයා හෙළාදමනු ලැබේ.
9ඇද නැතුව හැසිරෙන්නා සුවසේ සිටියි;
එහෙත් තමාගේ මාර්ග ඇදකරගන්න අය අසුවනු ලබන්නේය.
10ඇසින් ඉඟිකරන්නා දුක් උපදවයි;
එහෙත් දොඩවන මෝඩයාද හෙළාදමනු ලැබේ.
11ධර්මිෂ්ඨයාගේ මුඛය ජීවන උල්පතක්ය;
එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසයි.
12වෛරය ඩබර උපදවයි;
එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි.
13නුවණ ඇත්තාගේ තොල්වල ප්‍රඥාව සම්බවේ.
එහෙත් තේරුම්නැත්තාගේ පිටට ඉපලක් ඇත්තේය.
14ඥානවන්තයෝ දැනගැන්ම රැස්කරගනිති;
එහෙත් මෝඩයාගේ මුඛය ළඟම විනාශය ඇත්තේය.
15ධනවතාගේ සම්පත ඔහුගේ බලකොටුවය;
දුප්පතුන්ගේ විනාශය ඔවුන්ගේ දිළිඳුකමය.
16ධර්මිෂ්ඨයාගේ උත්සාහලාභය ජීවනය සඳහාය;
දුෂ්ටයාගේ ලාභය ඔහු පාපය කරා පමුණුවයි.
17ශික්ෂාව පිළිපදින්නා ජීවන මාර්ගයෙහිය;
එහෙත් අවවාදය එපාකරන්නා මුළාවයන්නේය.
18වෛරය සඟවන්නා බොරුකාර තොල් ඇති කෙනෙක්ය;
කේලමක් පතළකරන්නාද අඥානයෙක්ය.
19වචන බහුලවූ කල වරද හිඟ නැත;
එහෙත් තමාගේ තොල් ආණ්ඩුකරගන්නා නුවණ ඇති කෙනෙක්ය.
20ධර්මිෂ්ඨයාගේ දිව අනර්ඝ රිදී මෙන්ය;
දුෂ්ටයන්ගේ සිත අගය නැත.
21ධර්මිෂ්ඨයාගේ තොල් බොහෝදෙන පෝෂණයකෙරෙති;
එහෙත් මෝඩයෝ තේරුම් මදිකම නිසා මියයෙති.
22 ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.
23නපුරුකම්කිරීම අඥානයාට සෙල්ලමක් වැනිය;
නුවණ ඇති මනුෂ්‍යයාට ප්‍රඥාවත් එසේමය.
24දුෂ්ටයා භයවෙන දේම ඔහු පිටට පැමිණෙයි;
ධර්මිෂ්ඨයා ආශාවන දේ ඔහුට දෙනුලබන්නේය.
25සුළිහුළඟ ගසන කල්හි දුෂ්ටයා නැතිවන්නේය;
එහෙත් ධර්මිෂ්ඨයා සදහටම අත්තිවාරමක්ය.
26දත්වලට කාඩිත් ඇස්වලට දුමත් යම්සේද, අලසයා ඔහු මෙහෙයවන අයට එසේමය.
27 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් දවස් වැඩිවෙයි;
එහෙත් දුෂ්ටයන්ගේ අවුරුදු හීනවන්නේය.
28ධර්මිෂ්ඨයන්ගේ ප්‍රාර්ථනාව ප්‍රීතියය;
එහෙත් දුෂ්ටයන්ගේ බලාපොරොත්තුව සුන්වන්නේය.
29 ස්වාමීන්වහන්සේගේ මාර්ගය අවංක අයට බලකොටුවක්ව, අයුතුකම්කරන්නන්ට විනාශයක්ව තිබේ.
30ධර්මිෂ්ඨයා කිසිකලෙක නොසෙලවන්නේය;
එහෙත් දුෂ්ටයන්ට දේශයෙහි වාසයක් නොලැබේ.
31ධර්මිෂ්ඨයාගේ මුඛය ප්‍රඥාව නිකුත්කරයි;
එහෙත් ප්‍රයෝගකාර දිව සිඳදමනු ලැබේ.
32ධර්මිෂ්ඨයාගේ තොල් ප්‍රසන්න දේ දනියි;
එහෙත් දුෂ්ටයාගේ මුඛය ප්‍රයෝග කථාකරයි.
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ 10: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

:
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society