හිතෝපදේශ 12
12
1අවවාදයට ප්‍රේමකරන්නා දැනගැන්මට ප්‍රේමකරන්නේය;
එහෙත් තරවටුවට ද්වේෂකරන්නා මෝඩයෙක්ය.
2සත්පුරුෂයා ස්වාමීන්වහන්සේගෙන් කරුණාව ලබයි;
එහෙත් උන්වහන්සේ දුෂ්ට උපා යොදන්නා වරදට පත්කරනසේක.
3මනුෂ්‍යයෙක් දුෂ්ටකමෙන් ස්ථිර නොවන්නේය;
එහෙත් ධර්මිෂ්ඨයාගේ මුල කිසි කලකත් නොසෙල්වෙන්නේය.
4ගුණවත් ස්ත්‍රියෙක් ඇගේ ස්වාමිපුරුෂයාට ඔටුන්නක්ය;
එහෙත් ලජ්ජා උපදවන තැනැත්තී ඔහුගේ ඇටවල දිරවීමක් මෙන්ය.
5ධර්මිෂ්ඨයන්ගේ අදහස් යුක්තියට එකඟය;
දුෂ්ටයන්ගේ මන්ත්‍රණ වංචාසහිතය.
6දුෂ්ටයන්ගේ වචන ලෙය ගැන රැකසිටීමක් වේ;
එහෙත් අවංක අයගේ මුඛය ඔවුන් ගළවන්නේය.
7දුෂ්ටයෝ හෙළාදමනු ලැබ නැතිවන්නෝය;
එහෙත් ධර්මිෂ්ඨයන්ගේ පරම්පරාව පවතින්නේය.
8මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රඥාවේ හැටියට වර්ණනාකරනු ලැබේ;
එහෙත් වංක සිතක් ඇත්තා හෙළාදකිනු ලැබේ.
9කෑම හිඟව ඉඳගනත් ගරුකම් කියාගන්නාට වඩා වැඩකාරයෙක් ඇති සුළු තැනැත්තා උතුම්ය.
10ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය;
එහෙත් දුෂ්ටයන්ගේ මෘදු අනුකම්පා කෲරය.
11තමාගේ බිම අස්වද්දන්නා කෑමෙන් සමෘද්ධියට පැමිණෙයි;
එහෙත් නිෂ්ඵල තැනැත්තන් අනුව යන්නා තේරුම් නැති කෙනෙක්ය.
12දුෂ්ටයා නපුරන්ගේ දැල සොයන්නේය;
එහෙත් ධර්මිෂ්ඨයන්ගේ මුල ඵලදෙන්නේය.
13තොල්වල අපරාධයෙහි දුෂ්ටයාට මලපතක් තිබේ;
එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙන්නේය.
14මනුෂ්‍යයෙක් තමාගේ මුඛයේ ඵලය නිසා යහපතෙන් තෘප්තිමත්වන්නේය;
මනුෂ්‍යයෙකුගේ දෑතේ ක්‍රියාවල ඵලයද ඔහුට දෙනු ලැබේ.
15මෝඩයාගේ මාර්ගය තමාගේ ඇස්වලට නම් හරිව පෙනෙන්නේය;
එහෙත් ඥානවන්තයා දැනමිතිකම් අසන්නේය.
16මෝඩයාගේ කෝපවීම එවේලේම එළිදරව්වන්නේය;
එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා ලජ්ජාව සඟවාගන්නේය.
17සැබෑව කියන්නා ධර්මිෂ්ඨකමද බොරු සාක්ෂිකාරයා වංචාවද දක්වන්නේය.
18කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ;
එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.
19සැබෑව කියන තොල සදහටම ස්ථිරව පවතියි;
එහෙත් බොරු කියන දිව මොහොතකට පමණක්ය.
20නපුර යොදන්නන්ගේ සිත්වල වංචාව තිබේ;
එහෙත් සමාදානය පිණිස මන්ත්‍රණය කරන්නන්ට ප්‍රීතිය ඇත්තේය.
21ධර්මිෂ්ඨයන්ට කිසි අනතුරක් නොවන්නේය;
එහෙත් දුෂ්ටයෝ විපතෙන් පිරීයන්නෝය.
22බොරුකාර තොල් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය;
එහෙත් සැබෑලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නය.
23බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ දැනගැන්ම සඟවන්නේය;
එහෙත් අඥානයන්ගේ සිත මෝඩකම ප්‍රකාශකරන්නේය.
24කඩිසර අයගේ අත ආණ්ඩුකරන්නේය;
එහෙත් අලසයෝ දාස වැඩට යටත්වන්නෝය.
25මනුෂ්‍යයෙකුගේ සිතේ නලංගුව නිසා එය නැමීයයි;
එහෙත් කරුණා සහිත වචනයක් එය සන්තෝෂකරයි.
26ධර්මිෂ්ඨයා තම අසල්වාසියාට මගපෙන්වන්නෙක් වේ;
එහෙත් දුෂ්ටයන්ගේ මාර්ගය ඔවුන් මුළාකරයි.
27අලසයා දඩයමෙන් ගත් දේ පුලුස්සානොගනියි;
එහෙත් කඩිසරවීම මනුෂ්‍යයන්ට අනර්ඝ සම්පතක්ය.
28ධර්මිෂ්ඨකමේ මාවතෙහි ජීවනය වේ;
ඒකේ මාර්ගයෙහිද මරණය නැත.
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ 12: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

:
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society