විනිශ්චයකාරයන්ගේ පොත 10
10
තෝලා සහ යායිර්
1අබිමෙලෙක්ට පසුව ඉස්සාඛර්හි මනුෂ්‍යයෙක්වූ දෝදෝගේ පුත්‍රයා වන පූවාගේ පුත්‍රවූ තෝලා ඉශ්‍රායෙල් ගළවන්ට නැගුටුණේය; ඔහු එප්‍රායිම් කඳුරටෙහි වූ ෂාමීර්හි වාසය කෙළේය. 2ඔහු විසිතුන් අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චයකොට නැසී ෂාමීර්හි තැන්පත්කරනු ලැබුවේය.
3ඔහුට පසුව ගිලියද්හි මනුෂ්‍යයෙක්වූ යායිර් නැගිට විසි දෑවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය. 4පුත්‍රයෝ තිස්දෙනෙක් ඔහුට සිටියෝය, නැගීයාම පිණිස කොටළුවෝ තිස්දෙනෙක් ඔවුන්ට වූවෝය, නුවරවල් තිහක්ද ඔවුන්ට ගිලියද් දේශයෙහි තිබුණේය, ඒවාට හවෝත්-යායිර්යයි අද දවස දක්වා කියනු ලැබේ. 5යායිර්ද නැසී කාමොන්හි තැන්පත්කරනු ලැබුවේය.
නැවත පසුබටවීම හා පීඩාවිදීම
6ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණ දේ කොට බාල්දේවතාවුන්ටත් අෂ්ටාරොත්ටත් සිරියේ දෙවිවරුන්ටත් ශීදොන්හි දෙවිවරුන්ටත් මෝවබ්හි දෙවිවරුන්ටත් අම්මොන් පුත්‍රයන්ගේ දෙවිවරුන්ටත් පිලිස්තිවරුන්ගේ දෙවි වරුන්ටත්, සේවයකළෝය; ස්වාමීන්වහන්සේට සේවය නොකොට උන්වහන්සේ අත්හැරියෝය. 7ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළී, උන්වහන්සේ ඔවුන් පිලිස්තිවරුන් අතටද අම්මොන් පුත්‍රයන් අතටද පාවාදුන්සේක. 8ඔව්හු ඒ අවුරුද්ද පටන් දසඅට අවුරුද්දක් යොර්දානෙන් එගොඩ ගිලියද්හි තිබෙන අමෝරිවරුන්ගේ දේශයෙහි සිටි සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පීඩාකොට ඔවුන් මැඩලුවෝය. 9තවද අම්මොන් පුත්‍රයෝ යූදාටත් බෙන්යමින්ටත් එප්‍රායිම් වංශයටත් විරුද්ධව යුද්ධකරන පිණිස යොර්දානෙන් මෙගොඩට ආවෝය; මෙසේ ඉශ්‍රායෙල් තද අමාරුවට පැමිණියේය. 10එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගසා: අපි අපේ දෙවියන්වහන්සේ අත්හැර බාල්දේවතාවුන්ට සේවයකිරීමෙන් ඔබවහන්සේට විරුද්ධව පව්කෙළෙමුයයි කීවෝය. 11ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මිසරවරුන්ගෙන්ද අමෝරිවරුන්ගෙන්ද අම්මොන් පුත්‍රයන්ගෙන්ද පිලිස්තිවරුන්ගෙන්ද මම නුඹලා ගළවානොගතිම්ද? 12ශීදොන්වරුන් සහ අමලෙක්වරුද මායොන්වරුද නුඹලාට පීඩා කළෝය; නුඹලා මට මොරගැසූකල ඔවුන්ගේ අතිනුත් නුඹලා ගැළෙවුවෙමි. 13නුමුත් නුඹලා මා අත්හැර අන් දෙවිවරුන්ට සේවය කළහුය. එබැවින් මම තවත් නුඹලා නොගළවන්නෙමි. 14නුඹලා විසින් තෝරාගත් දෙවිවරුන් කරා ගොස් ඔවුන්ට මොරගසන්න; ඔව්හු නුඹලාගේ විපත්ති කාලයේදී නුඹලා ගළවත්වයි කීසේක. 15ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට කථාකොට: අපි පව්කෙළෙමුව. ඔබවහන්සේට යහපත්ව පෙනෙන දෙයක් අපට කළමැනව; එහෙත් මේ වතාවේ අප ගැළවුවමැනවයි කීවෝය. 16එවිට ඔව්හු තමුන් අතරෙන් අන් දෙවිවරුන් පහකරදමා ස්වාමීන්වහන්සේට සේවයකළෝය. උන්වහන්සේගේ ආත්මය ඉශ්‍රායෙල්ගේ කාලකණ්ණිකම ගැන ශෝකවූයේය.
17එකල අම්මොන් පුත්‍රයෝ රැස්ව ගිලියද්හි කඳවුරු බැන්දෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝද එකතුවී මිශ්පාහි කඳවුරු බැන්දෝය. 18එවිට සෙනඟ එනම් ගිලියද්හි අධිපතියෝ එකිනෙකාට කථාකොට: අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව සටන්කරන්ට පටන්ගන්න මනුෂ්‍යයා කවරෙක්ද? ඔහු ගිලියද්හි සියලු වැසියන් කෙරෙහි ප්‍රධානියා වන්නේයයි කීවෝය.
දැනට තෝරාගෙන ඇත:
විනිශ්චයකාරයන්ගේ පොත 10: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society