යෙසායා 9:2-6

යෙසායා 9:2-6 SROV

අන්ධකාරයෙහි ඇවිද්දාවූ සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය. මරණ සෙවණ ඇති දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් බැබළුණේය. ඔබ ජාතිය වැඩිකළසේක, ඔබ ඔවුන්ගේ ප්‍රීතිය වර්ධනයකළසේක. ගොයම් කපන කාලයෙහි සන්තෝෂවන්නාක් මෙන්ද මනුෂ්‍යයන් කොල්ලය බෙදාගන්න කල ප්‍රීතිවන්නාක්මෙන්ද ඔව්හු ඔබ ඉදිරියෙහි ප්‍රීතිවෙති. මක්නිසාද ඔහුගේ බරවූ වියගහද ඔහුගේ කරේ දණ්ඩද ඔහුගේ පීඩාකාරයාගේ යෂ්ටියද මිදියන්හි දවසේදී මෙන් ඔබවහන්සේ කඩාදැමූසේක. තවද කෝලාහලයට පැමිණෙන යුද්ධකාරයාගේ සියලු යුද්ධ වහන්ද ලෙයෙහි පෙඟු වස්ත්‍රද ගින්නෙහි දැවීමට දර පිණිස වන්නේය. මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.

යෙසායා 9:2-6 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය