යෙසායා 9:2-6

යෙසායා 9:2-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අන්ධකාරයේ ඇවිදන ජනයා, මහත් ආලෝකයක් දුටහ. ඝන අන්ධකාර දේශයේ වෙසෙන්නන් මත එළියක් උදා විණ. ඔබ, ජාතිය පුළුල් කළ සේක්, ඔවුන්ගේ ප්‍රීතිය වර්ධන කළ සේක. අස්වැන්නේදී ජනයා ප්‍රීති වන්නා සේ, කොල්ලය බෙදා ගන්නා කල මිනිසුන් ප්‍රීති වන්නා සේ, ඔවුහු ඔබ ඉදිරියෙහි ප්‍රීති වෙති. මිදියන්වරුන්ගේ පරාජයේ දවසේ මෙන් ඔබ ඔවුනට බර පැටවුණු වියගහ ද ඔවුන්ගේ කර මත වූ වියකඳ ද ඔවුන්ගේ පීඩකයාගේ මුගුර ද සිඳ-බිඳ ලූ සේක. රණවිරුවකු යුද්ධයට පැලඳි හැම පාවහන් ද ලේ වැකුණු හැම ඇඳුමක් ද දවාලීමට නියමිත ය. ඒවා ගින්නට ඉන්ධන වේ. මන්ද අපට දරුවෙක් උපන්නේ ය. අපට පුතෙක් දෙන ලද්දේ ය. ආණ්ඩුව උන්වහන්සේගේ උර මත වන්නේ ය. උන්වහන්සේ හඳුන්වනු ලබන්නේ: අසිරිමත් උපදේශකයාණෝ ය; පරාක්‍රමවත් දෙවිඳාණෝ ය; සදාතනික පියාණෝ ය; සාමයේ කුමරාණෝ ය යන නාමයෙනි.

යෙසායා 9:2-6 Sinhala Revised Old Version (SROV)

අන්ධකාරයෙහි ඇවිද්දාවූ සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය. මරණ සෙවණ ඇති දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් බැබළුණේය. ඔබ ජාතිය වැඩිකළසේක, ඔබ ඔවුන්ගේ ප්‍රීතිය වර්ධනයකළසේක. ගොයම් කපන කාලයෙහි සන්තෝෂවන්නාක් මෙන්ද මනුෂ්‍යයන් කොල්ලය බෙදාගන්න කල ප්‍රීතිවන්නාක්මෙන්ද ඔව්හු ඔබ ඉදිරියෙහි ප්‍රීතිවෙති. මක්නිසාද ඔහුගේ බරවූ වියගහද ඔහුගේ කරේ දණ්ඩද ඔහුගේ පීඩාකාරයාගේ යෂ්ටියද මිදියන්හි දවසේදී මෙන් ඔබවහන්සේ කඩාදැමූසේක. තවද කෝලාහලයට පැමිණෙන යුද්ධකාරයාගේ සියලු යුද්ධ වහන්ද ලෙයෙහි පෙඟු වස්ත්‍රද ගින්නෙහි දැවීමට දර පිණිස වන්නේය. මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.

යෙසායා 9:2-6 Sinhala New Revised Version (NRSV)

අන්ධකාරයෙහි ඇවිද්ද සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝ ය, ගන’ඳුරු දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් දැන් බැබළෙන්නේ ය. ඉමහත් ප්‍රීතියක් ඔබ ඔවුන්ට දුන් සේක; ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය වර්ධනය කළ සේක. අස්වැන්න කපන කාලයෙහි සෙනඟ, කොල්ලය බෙදා ගන්නා කල ප්‍රීති වන්නාක් මෙන් ඔබ ඉදිරියෙහි ඔව්හු ප්‍රීති ප්‍රමෝද වෙති. මන්ද යත්, ඔවුන්ට බරක් වූ වියගහ ද කර මත තැබූ වියදණ්ඩ ද ඔබ කඩාදැමූ සේක. පෙර කලක ඔබ මිදියන් හමුදා පරාජය කළාක් මෙන් ඔවුන්ට පීඩා කළ ජාතිය ඔබ විසින් පරාජය කරනු ලැබී ය. ආක්‍රමණය කරන හමුදාවේ පාවහන් ද ලෙයින් තැවරුණු ඔවුන්ගේ ඇඳුම් සියල්ල ද ගින්නෙන් දවාලනු ලැබේ. අපට ළදරුවෙක් උපන්නේ ය; අපට පුත්‍රයෙක් දෙන ලද්දේ ය; එතුමාණෝ අපේ රජු වන සේක. ‘එතුමාණෝ, අසිරිමත් උපදේශකයාණෝ ය; ප්‍රතාපවත් දෙව් තුමාණෝ ය; සදාතන පියාණෝ ය; සාමයේ කුමාරයාණෝ ය’යි කියනු ලබන සේක.

යෙසායා 9:2-6 Sinhala New Revised Version 2018 (SNRV)

යෙසායා 9:2-6 SROVයෙසායා 9:2-6 SROV