1
ගීතාවලිය 90:12
සිංහල කාලීන පරිවර්තනය
SCV
ප්‍රඥාවන්ත හදවතක් වඩවා ගන්න පිණිස, අපගේ දවස් හරි හැටි ගණින්නට අපට ඉගැන්නුව මැනව.
සසඳන්න
ගීතාවලිය 90:12 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 90:17
අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්ගේ කරුණාව අප පිට පිහිටා සිටීවා! අපගේ අත්වල වැඩ ස්ථාවර කරනු මැන, සැබවින් ම අප අත්වල වැඩ ස්ථාවර කෙරේවා!
ගීතාවලිය 90:17 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 90:14
අපගේ ජීවිත කාලයේ ප්‍රීතියෙන් ගී ගයමින්, අප ප්‍රමෝද වන පිණිස, උදයෙන් උදය ඔබගේ නොමියෙන ප්‍රේමයෙන් අප සෑහීමට පත් කළ මැනව.
ගීතාවලිය 90:14 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 90:2
කඳු උපදින්නටත් පෙර සිට, ඔබ මේ ලෝකය, මේ මහ පොළොව බිහිකරන්නටත් පෙර සිට සදාතනයෙන් සදාතනයට ඔබ දෙවියන්වහන්සේ ය.
ගීතාවලිය 90:2 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 90:1
සමිඳුනි, සියලු පරම්පරාවලදී අපගේ වාසස්ථානය ඔබවහන්සේ ය.
ගීතාවලිය 90:1 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 90:4
අවුරුදු දහසක්, ඔබගේ ඇස් ඉදිරියේ ගෙවී ගිය ඊයේ දවස වැන්න, රැයේ එක් යාමයක් වැන්න.
ගීතාවලිය 90:4 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ