1
හිතෝපදේශ 22:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
දරුවකු ඔහු යා යුතු මාර්ගයෙහි පුහුණු කරන්න; එවිට මහලු වියේදීත්, ඔහු ඉන් ඉවත් ව නො යයි.
සසඳන්න
හිතෝපදේශ 22:6 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 22:4
නිහතමානීත්වය හා ස්වාමින්වහන්සේට භයවීමේ ඉටු විපාකය ධන සම්පත් ද ගරු බුහුමන් ද ජීවනය ද වේ.
හිතෝපදේශ 22:4 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 22:1
මහා ධනයකට වඩා හොඳ නම උතුම් ය; රන් රිදීවලට වඩා කරුණාව පිළිගනු ලැබීම උතුම් ය.
හිතෝපදේශ 22:1 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 22:24
වහා කිපෙන සුළු මිනිසකු හා මිතුරු නො වන්න; නිකම්ම තරහ යන කෙනකුගේ ඇසුරට නො යන්න.
හිතෝපදේශ 22:24 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 22:9
ත්‍යාගවන්ත මිනිසාට ආශිර්වාදය ලැබේ; මන්ද ඔහු තම ආහාර, දුප්පතුන් සමඟ බෙදාගනියි.
හිතෝපදේශ 22:9 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 22:3
නුවණක්කාරයා අනතුර දැක රැකවරණයක් ලබයි; එහෙත් අනුවණයා ඊට මුහුණ පා දුක් කරදර විඳවයි.
හිතෝපදේශ 22:3 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 22:7
පොහොසත්තු, දුප්පතුන් ආණ්ඩු කරති; ණයට ගන්නා, ණයට දෙන්නාගේ සේවකයින් බවට පත් වෙති.
හිතෝපදේශ 22:7 ගවේෂණය කරන්න
8
හිතෝපදේශ 22:2
පෙහොසතාට ද දුප්පතාට ද පොදු වූ දෙයක් ඇත; ඔවුන් හැමගේ මැවුම්කරුවාණෝ ස්වාමින්වහන්සේ ය.
හිතෝපදේශ 22:2 ගවේෂණය කරන්න
9
හිතෝපදේශ 22:22-23
දුප්පතුන්ගෙන් අයුතු ප්‍රයෝජන නො ගන්න, මන්ද ඔවුන් දුප්පත් ය; යුක්තිය පසිඳලීමේදී අසරණයා පීඩාවට පත් නො කරන්න. මන්ද ස්වාමින්වහන්සේ ඔවුන් වෙනුවෙන් පෙනී සිට, ඔවුන්ගෙන් පැහැරගත්තවුන්ගේ ජීවිතය පැහැර ගැනීමට ලක් කරන සේක.
හිතෝපදේශ 22:22-23 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ