1
මාර්ක් 2:17
සිංහල කාලීන පරිවර්තනය
SCV
එය ඇසුණු යේසුස්වහන්සේ, “වෙදකු ඕනෑ කරන්නේ නිරෝගීනට නො ව රෝගීන්ටයි. මා ආවේ, පව්කරුවන් මිස ධර්මිෂ්ඨයින් කැඳවීමට නො වේ” යි පැවසූ සේක.
සසඳන්න
මාර්ක් 2:17 ගවේෂණය කරන්න
2
මාර්ක් 2:5
යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, අංසබාග රෝගියා අමතා, “පුත්‍රය, ඔබේ පාප කමා කරන ලදැ” යි කී සේක.
මාර්ක් 2:5 ගවේෂණය කරන්න
3
මාර්ක් 2:27
තවද උන්වහන්සේ ඔවුන් අමතමින්, “මිනිසා උදෙසා සබත ඇති කළා මිස, මිනිසා සබත උදෙසා නො වේ.
මාර්ක් 2:27 ගවේෂණය කරන්න
4
මාර්ක් 2:4
ජනකාය නිසා උන්වහන්සේට ළං විය නො හැකි වූයෙන්, ඔවුහු උන්වහන්සේට ඉහළින් පියස්ස ගලවා, කුහරයක් සාදා, අංසබාග රෝගියා ඔත් සයනය එතුළින් පහළට බැස්සූහ.
මාර්ක් 2:4 ගවේෂණය කරන්න
5
මාර්ක් 2:10-11
එනමුත් පොළොවේදී පාප කමා කිරීමට මනුෂ්‍ය-පුත්‍රයාට බලය ඇති බව ඔබ දැනගන්නා පිණිස යැ” යි කී උන්වහන්සේ අංසබාග රෝගියා අමතා, “නැගිට ඔබේ යහන රැගෙන, ගෙදර යන ලෙස මම ඔබට අණ කරමි” යි පැවසූ සේක.
මාර්ක් 2:10-11 ගවේෂණය කරන්න
6
මාර්ක් 2:9
මෙයින් අංසබාගය ඇත්තාට කීමට වඩා පහසු කුමක් ද? ‘ඔබේ පාප කමා කරන ලදැ’ යි කීම ද? නැතහොත් ‘නැගිට සයනයත් ගෙන ඇවිදින්නැ’ යි කීම ද?
මාර්ක් 2:9 ගවේෂණය කරන්න
7
මාර්ක් 2:12
ඔවුන් සැවොම බලා සිටියදී ඔහු නැගිට, එකෙණෙහි ම තමන් වැතිර සිටි යහනත් ගෙන ඇවිද ගියේ ය. සියල්ලෝ විස්මපත් ව, “මේ වගේ දෙයක් අප කිසිදාක දැක නැතැ!” යි කියමින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.
මාර්ක් 2:12 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ