1
මතෙව් 3:8
සිංහල කාලීන පරිවර්තනය
SCV
පසුතැවිල්ලට අනුකූල පල උපද්දවනු.
සසඳන්න
මතෙව් 3:8 ගවේෂණය කරන්න
2
මතෙව් 3:17
තවද, “මේ මා ප්‍රේම කරන මගේ පුත්‍රයාණෝ ය; ඔහු කෙරේ මම ඉතා ප්‍රසන්න ව සිටිමි” යි පවසන හඬක් අහසින් විය.
මතෙව් 3:17 ගවේෂණය කරන්න
3
මතෙව් 3:16
යේසුස්වහන්සේ බව්තීස්ම කරනු ලැබ, එකෙණෙහි ම දියෙන් පිටතට ආ සේක. එවිට මෙන්න! ස්වර්ගය විවර ව, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් පරෙවියකු ලෙස බැස අවුත් තමන් පිට නවතිනු උන්වහන්සේ දුටු සේක.
මතෙව් 3:16 ගවේෂණය කරන්න
4
මතෙව් 3:11
“පසුතැවිල්ල සඳහා මා ඔබ බව්තීස්ම කරන්නේ වතුරිනි. එහෙත් මට පසුව එන තැනැත්තා මට වඩා බලවත් ය; එතුමන්ගේ පාවහන් මුදන්නට තරම් වත් මා වටින්නේ නැත. උන්වහන්සේ, ශුද්ධාත්මයාණන්ගෙන් හා ගින්නෙන් ඔබ බව්තීස්ම කරනු ඇත.
මතෙව් 3:11 ගවේෂණය කරන්න
5
මතෙව් 3:10
පොරොව දැනටමත් ගස්වල මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නො දරන හැම ගසක් ම කපා ගින්නෙහි හෙළනු ලැබේ.
මතෙව් 3:10 ගවේෂණය කරන්න
6
මතෙව් 3:3
දිවැසිවර යෙසායා මගින්: “පාළුකරයේ හඬ ගසන්නකුගේ කටහඬකි, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරනු, උන්වහන්සේට සෘජු මාවත් සාදනු’ ” යි කියැවුණේ මොහු ගැන ය.
මතෙව් 3:3 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ