ශු. මතෙව් 3:16 - Compare All Versions
ශු. මතෙව් 3:16 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ බව්තීස්ම කරනු ලැබ, එකෙණෙහි ම දියෙන් පිටතට ආ සේක. එවිට මෙන්න! ස්වර්ගය විවර ව, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් පරෙවියකු ලෙස බැස අවුත් තමන් පිට නවතිනු උන්වහන්සේ දුටු සේක.
ශු. මතෙව් 3:16 SROV (Sinhala Revised Old Version)
යේසුස්වහන්සේ බව්තීස්ම ලැබ එකෙණෙහිම දියෙන් ගොඩනැගුණුසේක. බලව, අහස උන්වහන්සේට විවරවිය, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිනවාද තමන් පිටට පැමිණෙනවාද උන්වහන්සේ දුටුසේක
ශු. මතෙව් 3:16 NRSV (Sinhala New Revised Version)
ජේසුස් වහන්සේ බව්තීස්ම-ස්නාපනය ලැබ, එකෙණෙහි ම දියෙන් ගොඩ ආ සේක. එවිට ස්වර්ගය විවර විය. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිමින් තමන් පිට පැමිණෙනු උන් වහන්සේ දුටු සේක.
ශු. මතෙව් 3:16 SNRV (Sinhala New Revised Version 2018)
ජේසුස් වහන්සේ බව්තීස්ම-ස්නාපනය ලැබ, එකෙණෙහි ම දියෙන් ගොඩ ආ සේක. එවිට ස්වර්ගය විවර විය. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිමින් තමන් පිට පැමිණෙනු උන් වහන්සේ දුටු සේක.
ශු. මතෙව් 3:16 NIV (New International Version)
As soon as Jesus was baptized, he went up out of the water. At that moment heaven was opened, and he saw the Spirit of God descending like a dove and alighting on him.