එවිට යක්ෂයා, උන්වහන්සේ ඉහළට ගෙන ගොස්, ලොව සියලු රාජ්‍යයන් එක් මොහොතකින් පෙන්වා, “ඔය මුළු ආධිපත්‍යයත්, තේජසත් ඔබට දෙන්නම්; මන්ද ඒවා දී තිබෙන්නේ මට ය; මා කැමති කෙනකුට මම ඒවා දෙන්නෙමි. එබැවින් ඔබ මට නමස්කාර කළොත්, මේ සියල්ල ම ඔබගේ යැ” යි කීවේ ය.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට පමණක් නමස්කාර කරනු; උන්වහන්සේට පමණක් සේවය කරනු’ කියා ලියා තිබේ” යි කී සේක.