1
ලූක් 3:21-22
සිංහල කාලීන පරිවර්තනය
SCV
සියල්ලෝ බව්තීස්මය ලබන කල යේසුස්වහන්සේ ද බව්තීස්ම ලැබ, යාච්ඤා කරමින් සිටියදී, ස්වර්ගය විවර ව, ශුද්ධාත්මයාණන්වහන්සේ පරෙවි වෙසින් තමා වෙත බැස ආ සේක. තවද, “මගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි. ඔබ කෙරේ මම ඉතා ප්‍රසන්න ව සිටිමි” යි අහසින් කටහඬක් නික්මුණේ ය.
සසඳන්න
ලූක් 3:21-22 ගවේෂණය කරන්න
2
ලූක් 3:16
ඔවුන් සියල්ලන් ඇමතූ යොහන්, “මා, ඔබ බව්තීස්ම කරන්නේ වතුරිනි; එහෙත් මට වඩා බලගතු කෙනෙක් පැමිණෙයි. උන්වහන්සේගේ පාවහන් පටි මුදන්නටවත් මා වටින්නේ නැත. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් හා ගින්නෙන් ඔබ බව්තීස්ම කරන සේක.
ලූක් 3:16 ගවේෂණය කරන්න
3
ලූක් 3:8
පසුතැවිල්ලට අනුකූල පල උපද්දවනු. ‘අපගේ පියාණන් වශයෙන් අපට ආබ්‍රහම් ඉන්නවා ය’ කියන්නට පටන් ගන්න එපා. මන්ද මේ ගල්වලින් වුවත් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්නට දෙවියන්වහන්සේට පුළුවනි.
ලූක් 3:8 ගවේෂණය කරන්න
4
ලූක් 3:9
පොරොව දැනටමත් ගස්වල මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නො දරන හැම ගසක් ම කපා ගින්නෙහි හෙළනු ලැබේ යැ” යි කීවේ ය.
ලූක් 3:9 ගවේෂණය කරන්න
5
ලූක් 3:4-6
දිවැසිවර යෙසායාගේ වචන සඳහන් පොතේ ලියවී තිබූ පරිදි ය: “පාළුකරයේ හඬ ගසන්නකුගේ කටහඬකි, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරනු. උන්වහන්සේට සෘජු මාවත් සාදනු; හැම මිටියාවතක් ම පුරවනු ලබනු ඇත, හැම කන්දක් හා හෙලක් ම පහත් කරනු ලැබේ. ඇද වූ මාවත් කෙළින් කරනු ඇත, රළු මාර්ග මෘදු කෙරෙනු ඇත. දෙවියන්වහන්සේගේ ගැලවීම සමස්ත මිනිස් වර්ගයා දකිනු ඇත.’ ”
ලූක් 3:4-6 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ