1
ලූක් 2:11
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද අද දවසේ දාවිත් පුරයේ ඔබට ගැලවුම්කරුවෙක්, ක්රිස්තුස් ස්වාමින්වහන්සේ උපන් සේක.
සසඳන්න
ලූක් 2:11 ගවේෂණය කරන්න
2
ලූක් 2:10
දේව දූතයා ඔවුන්ට කතා කොට, “බය නො වන්න; මෙන්න, මුළු මහත් ජනයාට ඉමහත් ප්රිය ජනක සුබ ආරංචියක් මම ඔබට ගෙනෙමි.
ලූක් 2:10 ගවේෂණය කරන්න
3
ලූක් 2:14
“උසස් තැන්හි දෙවියන්වහන්සේට වේවා මහිමය, උන්වහන්සේගේ ප්රසාදය ලද පොළොවේ ජනයාට වේවා සාමය.”
ලූක් 2:14 ගවේෂණය කරන්න
4
ලූක් 2:52
යේසුස්වහන්සේ ප්රඥාවෙන්, උස මහතින් හා දෙවියන්වහන්සේගේ මෙන් ම මිනිසුන්ගේ ප්රසාදයෙන් ද වැඩුණු සේක.
ලූක් 2:52 ගවේෂණය කරන්න
5
ලූක් 2:12
රෙදිවලින් ඔතා, ගව ඔරුවක බාවා සිටින බිළිඳකු ඔබට හමු වනු ඇත; එය ඔබට ලකුණකි” යි පැවසී ය.
ලූක් 2:12 ගවේෂණය කරන්න
6
ලූක් 2:8-9
එපෙදෙසේ එඬේරු රැයේ තම බැටළු රංචු බලා ගනිමින්, අසල එළිමහනේ සිටියහ. ස්වාමින්වහන්සේගේ දූතයෙක් ඔවුන්ට පෙනෙන්නට ආවේ ය; ස්වාමින්වහන්සේගේ තේජස ඔවුන් හාත්පස බබළන්නට විය; ඔවුහු බියෙන් ඇලළී ගියහ.
ලූක් 2:8-9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ