ඉශ්රායෙල්වරුන් අමතමින්, “ඔබේ දරුවන් මතු දවස ඔවුන්ගේ පියවරුන්ගෙන්, ‘මොකක් ද මේ ගල්වල තේරුම?’ යි ඇසූ විටෙක, ‘ඉශ්රායෙල් මෙහිදී වියළි බිම පිට යොර්දානය තරණය කළ බව’ ඔබ ඔවුන් දැනුම්වත් කළ යුතු ය. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ යොර්දානෙන් එතෙර වන තෙක් ම එහි ජලය හින්ද වූයේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ රතු මුහුදට කළ ලෙස ම ය. අප ඉන් එතෙර වන තෙක් ම උන්වහන්සේ එහි ජලය හින්ද වූ සේක.