1
යෝෂුවා 1:9
සිංහල කාලීන පරිවර්තනය
SCV
මම ඔබට අණ නො කළෙම් ද? ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; භය වන්න එපා; කැලඹෙන්න එපා. මන්ද ඔබ යන කොතැනක වුව, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ” යි පැවසූහ.
සසඳන්න
යෝෂුවා 1:9 ගවේෂණය කරන්න
2
යෝෂුවා 1:8
මේ ව්‍යවස්ථා පොත, ඔබේ මුවෙන් පහවන්නට ඉඩ නො දෙන්න; ඒ තුළ ලියා ඇති සියල්ල කරන්නට වග බලාගන්නා පිණිස, දිවා රැයේ එය මෙනෙහි කරන්න. එවිට ඔබ ඔබේ මාර්ගය සමෘද්ධ කර ගන්නවා ඇත. මෙසේ ඔබ සඵලවත් වනු ඇත.
යෝෂුවා 1:8 ගවේෂණය කරන්න
3
යෝෂුවා 1:7
“උදක් ම ශක්තිමත් වන්න; වඩා ධෛර්යවත් වන්න. මගේ සේවක මෝසෙස් ඔබට අණ කළ මුළු ව්‍යවස්ථාවට කීකරු වන්නට වග බලා ගන්න; ඔබ යන කොතැනක වුව, ඔබ සඵල වන පිණිස, එයින් දකුණු අතටවත්, වමටවත් නො හැරෙන්න.
යෝෂුවා 1:7 ගවේෂණය කරන්න
4
යෝෂුවා 1:5
ඔබේ ජීවිතය තිබෙන තුරු ඔබට එරෙහිව නැගී සිටින්නට, කිසිවකුටත් හැකි නො වේ, මා මෝසෙස් සමඟ සිටි සේ ඔබ සමඟ ද සිටින්නෙමි. මම ඔබෙන් ඉවත් ව නො යන්නෙමි; ඔබ අත්හැර නො දමන්නෙමි.
යෝෂුවා 1:5 ගවේෂණය කරන්න
5
යෝෂුවා 1:6
ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; මන්ද මා ඔවුන්ට දෙන වගට ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය උරුම කර ගන්නට ඔවුන් මෙහෙය වන්නේ ඔබයි.
යෝෂුවා 1:6 ගවේෂණය කරන්න
6
යෝෂුවා 1:3
මෝසෙස්ට මා පොරොන්දු වූ ලෙස ඔබේ පා-අඩිය තබන හැම තැනක් ම මම ඔබට දෙන්නෙමි.
යෝෂුවා 1:3 ගවේෂණය කරන්න
7
යෝෂුවා 1:2
“මගේ සේවක මෝසෙස් මියැදිලා. එබැවින් දැන් නැගිට, ඉශ්රායෙල්වරුන්ට මා දෙන්නට යන දේශයට ඇතුල් වන්නට, ඔබත්, මේ මුළු ජනතාවත් යොර්දාන් ගඟෙන් එතෙර වන්නට ඉදිරියට යන්න.
යෝෂුවා 1:2 ගවේෂණය කරන්න
8
යෝෂුවා 1:1
ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස්ගේ මරණයෙන් පසු, ස්වාමින්වහන්සේ මෝසෙස්ගේ සහායක, නූන්ගේ පුත්‍ර යෝෂුවා අමතමින්
යෝෂුවා 1:1 ගවේෂණය කරන්න
9
යෝෂුවා 1:4
ඔබේ භූමි ප්‍රදේශය, කාන්තාරය හා මේ ලෙබනොන් පටන්, යුප්‍රටීස් මහ ගංගාව දක්වා හිත්තිවරුන්ගේ මුළු දේශය ද මහ මුහුද දක්වා ද හිරු බසින දෙසට දිස් වේ.
යෝෂුවා 1:4 ගවේෂණය කරන්න
10
යෝෂුවා 1:18
යමකු ඔබේ වචනයට එරෙහිව කැරලි ගසමින්, ඔබ ඔහුට අණ කරන කවර කාරණයකදී වුව, ඔබේ වචනයට අකීකරු වන්නේ නම්, ඔහු මරණයට පත් කෙරේ. එබැවින් දැන් ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්නැ” යි පැවසූහ.
යෝෂුවා 1:18 ගවේෂණය කරන්න
11
යෝෂුවා 1:11
“කඳවුර පුරා යමින්, ජනයාට අණ කරමින්, ‘ඔබට අවැසි දෑ සූදානම් කර ගන්න; මන්ද, ඔබට අත්කර දෙන පිණිස, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශය උරුම කර ගැනීමට, තුන් දවසකින් ඔබ මේ යොර්දාන් ගඟ තරණය කරනු ඇත’ කියා කියන්නැ” යි පැවසී ය.
යෝෂුවා 1:11 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ