නුඹලා මට භය වන්නේ නැද්දැ?” යි
ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.
“නුඹලා මා ඉදිරියේ වෙවුලන්නේ නැද්ද?
මුහුදේ මායිම වශයෙන් මම වැල්ල තැබීමි.
එය, පසු කර යා නො හැකි සදාතනික කඩ ඉමකි.
රළ රැළි පෙරැළි පෙරැළී එනමුත්, ජය ගැනීමට නො හැකි ය.
ඒවා ඝෝෂා කරන මුත්, එය අභිබවන්නට බැරි ය.