කතා කරන හැම විටෙක ම මා කරන්නේ,
සැහැසිකමත්, විනාශයත් ප්රකාශ කරමින්, මොර ගැසීමයි.
එබැවින් ස්වාමින්වහන්සේගේ වචනය,
දවස මුළුල්ලේ ම මට අපහාසයත්, අවලාදයත් ගෙනැවිත් තිබේ.
“මම උන්වහන්සේ ගැන සඳහන් නො කරමි;
උන්වහන්සේගේ නාමයෙන් කතා නො කරමි” යි කීවොත්
උන්වහන්සේගේ වචන මගේ හදෙහි ගින්නක් මෙන්–
මගේ ඇටකටු තුළ වසා තැබූ ගින්නක් මෙන් වෙයි.
එය රඳවා තබා ගැනීම මට වෙහෙසකි;
මට එය කරන්නට බැරි ය.