ජෙරෙමියා 20:11
ජෙරෙමියා 20:11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් බිහිසුණු රණවිරුවකු සේ, ස්වාමින්වහන්සේ මා සමඟ වන සේක. එබැවින් මට පීඩාකරන්නෝ පැකිළෙන්නෝ ය; ඔවුන් ජය ලබන්නේ නැත. ඔවුන් අසමත් වනු ඇත. සදාතන නින්දාවට පැමිණෙනු ඇත. ඔවුන්ගේ අවනම්බුව කිසි දිනෙක අමතක ව නො යේ.
ජෙරෙමියා 20:11 Sinhala Revised Old Version (SROV)
නුමුත් ස්වාමීන්වහන්සේ භයානකවූ බලවන්තයෙකු මෙන් මා සමඟ සිටිනසේක. එබැවින් මාගේ පීඩාකාරයෝ පැකිලෙන්නෝය, ජය නොගන්නෝය. ඔව්හු නුවණින් ක්රියා නොකළ නිසා බොහෝසෙයින් ලජ්ජාවට පැමිණෙන්නෝය, එය කවදාවත් සිහිනැති නොවන සදාකාල අවනම්බුවක් වන්නේය.
ජෙරෙමියා 20:11 Sinhala New Revised Version (NRSV)
එහෙත් සමිඳුනි, ඔබ තුමාණෝ මහා යුද වීරයෙකු සේ මා සමඟ සිටින සේක. එබැවින් මාගේ පීඩාකාරයෝ පැකිළෙන්නෝ ය; ඔව්හු ජය නොගන්නෝ ය; ඔවුන්ට ජය ගැනීමට බැරි නිසා ඔව්හු ලජ්ජාවට පත් වන්නෝ ය. එය කවදාවත් අමතක නොවන සදාකාල අවනම්බුවක් වන්නේ ය.
ජෙරෙමියා 20:11 Sinhala New Revised Version 2018 (SNRV)