අහෝ ස්වාමින්වහන්ස, අපගේ දුෂ්ටකමත්,
අපේ පියවරුන්ගේ අයුතුකමත් අපි ඒත්තු ගන්නෙමු.
අපි ඔබට එරෙහිව පව් කර ඇත්තෙමු.
ඔබගේ නාමයේ ගෞරවය උදෙසා, අප නීච කොට නො සැලකුව මැනවි.
ඔබගේ තේජෝ මහිමයේ සිංහාසනය නින්දාවට පත් නො කළ මැනවි.
අප හා ඇති ඔබගේ ගිවිසුම සිහි කළ මැනවි.
එය බිඳ නො දැමුව මැනවි.