ජෙරෙමියා 14:22
ජෙරෙමියා 14:22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
වැසි වස්සන්නට හැකි ජාතීන්ගේ පිළිම-දෙවියකු සිටී ද? මහ වැසි වස්සන්නට අහසට හැකි ද? නැත. ඒ ඔබ ම නො වේ ද? අහෝ ස්වාමින්වහන්ස, අපේ දෙවියන්වහන්ස, අපි ඔබ මත බලාපොරොත්තු තබා සිටින්නෙමු. මන්ද මේ හැම දේ කරවන්නේ ඔබවහන්සේ ම ය.
බෙදාගන්න
ජෙරෙමියා 14 කියවන්නජෙරෙමියා 14:22 Sinhala Revised Old Version (SROV)
වර්ෂාව වස්වන කෙනෙක් ජාතීන්ගේ නිෂ්ඵල දෙවිවරුන් අතරේ ඇද්ද? නොහොත් වැහිවලා දෙන්ට අහසට පුළුවන්ද? අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ දේ කරන්නේ ඔබ නොවේද? එබැවින් අපි ඔබ ගැන බලා සිටින්නෙමුව; මක්නිසාද ඔබම මේ සියල්ල කළසේක.
බෙදාගන්න
ජෙරෙමියා 14 කියවන්නජෙරෙමියා 14:22 Sinhala New Revised Version (NRSV)
වැසි වස්වන්නට හැකි කෙනෙක් විජාතීන්ගේ බොරු දෙවිවරුන් අතරේ සිටිත් ද? වැහිවලා දෙන්නට අහසට පුළුවන් ද? නොහැකි ය. අපේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබ නොවන සේක් ද? මේ දේ කළ හැක්කේ ඔබට පමණක් බැවින් අපි ඔබ කෙරෙහි බලාපොරොත්තු ව සිටිමු.”
බෙදාගන්න
ජෙරෙමියා 14 කියවන්න