මම අවසානය, පටන් ගැන්මේදී ම හෙළි කරන්නෙමි.
මතු සිදුවන දෑ ගැන, ඈත පුරාණයේදී ම කීවෙමි.
‘මගේ අරමුණ දිගට ම පවතී.
මට රිසි හැම දේ මම කරන්නෙමි’ යි මම කියමි.
නැගෙනහිර සිට මම, ගිජු පක්ෂියෙකු කැඳවන්නෙමි;
මගේ අරමුණ ඉටු කරන්නට, දුර ඈත දේශයකින් මිනිසකු කැඳවන්නෙමි.
මා පැවසූ දෑ මම ඉටුවන්නට සලසමි.
මා සැලසුම් කළ දෑ මම සිදු කරමි.