1
යෙසායා 26:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබ කෙරේ විශ්වාසය තබන බැවින්, ස්ථිර සිත ඇති තැනැත්තා, ඔබ පරිසමාප්ත සාමයෙහි තබනු ඇත.
සසඳන්න
යෙසායා 26:3 ගවේෂණය කරන්න
2
යෙසායා 26:4
ස්වාමින්වහන්සේ කෙරේ සදහට විශ්වාසය තබන්න. මන්ද ස්වාමින්වහන්සේ එසේය, ස්වාමින්වහන්සේ සදාතනික පර්වතයාණන් ය.
යෙසායා 26:4 ගවේෂණය කරන්න
3
යෙසායා 26:9
මගේ ජීවය රෑ කල ඔබ කෙරේ ලොල් වෙයි. මගේ ආත්මය මා තුළ දැඩි ඕනෑකමින් ඔබ සොයයි. මන්ද ඔබගේ විනිශ්චයන් මිහි පිට ඇති කල, ලෝක වාසි ජනයා ධර්මිෂ්ඨකම උගෙනිති.
යෙසායා 26:9 ගවේෂණය කරන්න
4
යෙසායා 26:12
අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ අප උදෙසා සාමය පනවන සේක. අප ඉටු කළ සියල්ල අප උදෙසා ඔබ ම ඉටු කළ සේක.
යෙසායා 26:12 ගවේෂණය කරන්න
5
යෙසායා 26:8
එසේය ස්වාමින්වහන්ස, ඔබගේ නියමයන්ගේ මාවත ඇතුළත අපි ඔබ ගැන බලා හිඳින්නෙමු. ඔබගේ නාමය හා ඔබගේ මතකය අප ජීවයේ අභිලාෂයයි.
යෙසායා 26:8 ගවේෂණය කරන්න
6
යෙසායා 26:7
දමිටුන්ගේ මාවත සමතල ය. අහෝ සෘජුගුණ ඇත්තාණනි, ඔබ දමිටුනගේ මාර්ගය සුමට කරවන සේක.
යෙසායා 26:7 ගවේෂණය කරන්න
7
යෙසායා 26:5
අහංකාර පුරවරයෙහි, උසස් තැන්හි වෙසෙන්නවුන් උන්වහන්සේ යටහත් කරන සේක. උන්වහන්සේ එය බිමෙහි ම හොවන සේක. දූලියෙහි හෙළන සේක.
යෙසායා 26:5 ගවේෂණය කරන්න
8
යෙසායා 26:2
ඇදහිල්ලේ පවතින දමිටුකමේ ජාතිය ඇතුල් වන පිණිස දොරටු අරින්න.
යෙසායා 26:2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ