1
යෙසායා 25:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
අහෝ ස්වාමින්වහන්ස, ඔබ මගේ දෙවියන්වහන්සේ ය. මම ඔබ උසස් කරන්නෙමි; ඔබේ නාමයට ප්රශංසා කරන්නෙමි. මන්ද ඈත අතීතයේ සැලසුම් කළ ආශ්චර්යවත් දෑ, පරිපූර්ණ විශ්වාසී භාවයෙන් යුතු ව ඔබ ඉෂ්ට කළ සේක.
සසඳන්න
යෙසායා 25:1 ගවේෂණය කරන්න
2
යෙසායා 25:8
උන්වහන්සේ, මරණය සදහට ම ගිල දමන සේක. පරමාධිපති ස්වාමින්වහන්සේ සියලු මුහුණුවලින් කඳුළු ඉවත ගසා දමන සේක. උන්වහන්සේ තම ජනතාවගේ නින්දාව, මුළු පොළෝ තලයෙන් පහ කර දමන සේක. මන්ද ස්වාමින්වහන්සේ කතා කර ඇත.
යෙසායා 25:8 ගවේෂණය කරන්න
3
යෙසායා 25:9
ඒ දවසේ මෙසේ කියනු ඇත: “මෙන්න! මේ අපේ දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ අප ගලවන පිණිස, අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමු. මුන්වහන්සේ ස්වාමින්වහන්සේ ය. අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමු. උන්වහන්සේගේ ගැලවීමෙහි අපි ප්රීති වෙමු; ප්රමෝද වමු.”
යෙසායා 25:9 ගවේෂණය කරන්න
4
යෙසායා 25:7
සියලු ජාතීන් වසා ගත් වැසුම් තිරය, සියලු ජනයින් මත අතුළ ආවරණය, උන්වහන්සේ මේ කන්ද මතදී ගිල දමන සේක.
යෙසායා 25:7 ගවේෂණය කරන්න
5
යෙසායා 25:6
සේනාංකවල ස්වාමින්වහන්සේ මෙම කන්ද මත සියලු ජනයින්ට රසමසවුලෙන් යුතු පරණ කළ මිදි යුෂවලින් යුතු මංගල සාදයක් පිළියෙල කරන සේක. එම ප්රිය සාදය ඉතා හොඳ මසින් ද ඉස්තරම් මිදි යුෂවලින් ද යුතු වෙයි.
යෙසායා 25:6 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ