1
යෙසායා 11:2-3
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ එතුමන් මත පිහිටා සිටින සේක. ආත්මයාණෝ ප්රඥාවේ ද වටහා ගැනීමේ ද ආත්මයාණන් ය. අනුශාසනාවේ හා බලයේ ද ආත්මයාණන් ය. දැනගැන්මේ ද ස්වාමින්වහන්සේට භය-පක්ෂපාතීත්වයේ ද ආත්මයාණන් ය. ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී වීමෙන්, උන්වහන්සේ ප්රමෝදයට පත් වනු ඇත.
සසඳන්න
යෙසායා 11:2-3 ගවේෂණය කරන්න
2
යෙසායා 11:1
යෙස්සේගේ කඳ කොටසෙන් අංකුරයක් පැන නගිනු ඇත. ඔහුගේ මුල්වලින් ශාඛාවක් නැගී, පල හට ගැනෙනු ඇත.
යෙසායා 11:1 ගවේෂණය කරන්න
3
යෙසායා 11:4
එහෙත් එතුමන් දමිටුකමින් දුප්පතුන් විනිශ්චය කරනු ඇත. පොළොවේ පීඩිතයින් සඳහා එතුමන් යුක්ති සහගත තීරණ දෙනු ඇත. එතුමන් තම මුවෙහි ඉපලෙන් පොළොවට පහර දෙනු ඇත. එතුමන් තම තොල්වල හුස්මෙන් දුෂ්ටයින් මරා දමනු ඇත.
යෙසායා 11:4 ගවේෂණය කරන්න
4
යෙසායා 11:5
දමිටුකම එතුමන්ගේ ඉඟ පටියයි. විශ්වාසවන්තකම එතුමන්ගේ බඳ පටියයි.
යෙසායා 11:5 ගවේෂණය කරන්න
5
යෙසායා 11:9
මගේ මුළු මහත් ශුද්ධ කන්ද මත ඔවුන් කිසි හානියක් හෝ විනාශයක් හෝ කරන්නේ නැත. මන්ද මුහුද, ජලයෙන් වැසී තිබෙන්නාක් මෙන්, ස්වාමින්වහන්සේ ගැන දැනගැනීමෙන් පොළොව පිරී යනු ඇත.
යෙසායා 11:9 ගවේෂණය කරන්න
6
යෙසායා 11:6
වෘකයා, බැටළු පැටවා සමඟ වෙසෙනු ඇත. දිවියා, එළු පැටවා සමඟ ලගිනු ඇත. වහු පැටවා හා සිංහ පැටවා එකට අහර බුදිනු ඇත. කුඩා දරුවකු උන් දක්කාගෙන යනු ඇත.
යෙසායා 11:6 ගවේෂණය කරන්න
7
යෙසායා 11:10
ඒ දවසේ යෙස්සේගේ මුල, ජනයින්ට සංඥාවක් වශයෙන් සිටගනු ඇත. ජාතීන් එතුමන්ගෙන් විමසනු ඇත. එතුමාණන්ගේ විවේක ස්ථානය තේජවත් වෙයි.
යෙසායා 11:10 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ