යෙසායා 11:2-3
යෙසායා 11:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ එතුමන් මත පිහිටා සිටින සේක. ආත්මයාණෝ ප්රඥාවේ ද වටහා ගැනීමේ ද ආත්මයාණන් ය. අනුශාසනාවේ හා බලයේ ද ආත්මයාණන් ය. දැනගැන්මේ ද ස්වාමින්වහන්සේට භය-පක්ෂපාතීත්වයේ ද ආත්මයාණන් ය. ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී වීමෙන්, උන්වහන්සේ ප්රමෝදයට පත් වනු ඇත.
යෙසායා 11:2-3 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේගේ ආත්මය, එනම් ප්රඥාව හා නුවණේ ආත්මයද මන්ත්රණය හා බලයේ ආත්මයද දැනගැන්ම හා ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමේ ආත්මයද, උන්වහන්සේ කෙරේ පිහිටන්නේය. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීම උන්වහන්සේගේ ප්රීතිය වන්නේය; උන්වහන්සේ තමන් ඇසට පෙනෙන හැටියට විනිශ්චයකරන්නේවත් තමන්ගේ කනට ඇසෙන හැටියට නිශ්චයකරන්නේවත් නැතුව
යෙසායා 11:2-3 Sinhala New Revised Version (NRSV)
සමිඳුන්ගේ ආත්මානුභාවය වන ප්රඥාව හා නුවණ ද අනුශාසනා බුද්ධිය හා බලය ද දැනගැනීම හා දේව ගරුබිය ද එතුමාණන් කෙරෙහි පිහිටන්නේ ය. එතුමන්ට ගරුබිය පෑම එතුමාණන්ගේ ප්රීතිය වන්නේ ය. එතුමාණන් තමන් ඇසට පෙනෙන හැටියට විනිශ්චය කරන්නේ වත්, කනට ඇසෙන හැටියට විනිශ්චය කරන්නේ වත් නැත.
යෙසායා 11:2-3 Sinhala New Revised Version 2018 (SNRV)