එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “පහළට බැස යන්න. අන්න! ඔබ, ඊජිප්තුවෙන් පිටතට ගෙන ආ ඔබගේ ජනයා තුමූම දූෂ්‍ය කර ගෙන! මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් මෙතරම් ඉක්මනින් ඔවුන් හැරී ගොසින්; ඔවුහු ගොන් පැටවකුගේ හැඩයට තමන්ට පිළිමයක් වාත්තු කොට, ඊට නමස්කාර කරමින්, ඊට යාග ඔප්පු කරමින්, ‘එම්බා ඉශ්රායෙල්, ඊජිප්තුවෙන් පිටතට නුඹලා ගෙන ආ දෙවියො මෙන්න’ කියා කියති” යි කී සේක.