ඔබවහන්සේ මා සමඟත්, ඔබගේ මේ ජනයා සමඟත් ප්රසන්න වග අන් අය දැනගන්නේ, ඔබවහන්සේ අප සමඟ යෑමෙන් මිස වෙන කොහොම ද? මේ පොළෝ තලේ වෙසෙන අන් ජාතීන් අතරින් මාත්, ඔබගේ මේ ජනයාත් වෙන් කර හැඳිනගත හැක්කේ අන් කෙලෙසක දැ?” යි පැවසී ය.
එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “ඔබ ඉල්ලූ මේ දේත් මම ඉටු කරන්නෙමි. මන්ද මගේ ඇස් හමුවේ ඔබට මගේ ප්රසාදය ලැබී තිබේ. නමින් ම මම ඔබ හඳුනමි” යි පැවසූ සේක.