ඇතමුන් අපෝස්තුලුවරුන් ද ඇතමුන් දිවැසිවරුන් ද ඇතමුන් ශුභාරංචි දේශකයින් ද ඇතමුන් සභා පාලකයින් හා ගුරුවරුන් ද ලෙස දී ඇත්තේ උන්වහන්සේ ම ය. ක්රිස්තුස්වහන්සේගේ ශරීරය ගොඩ නැගෙන පිණිස සේවා-කටයුතු සඳහා ශුද්ධවන්තයින් හැඩගස්වනු පිණිස එසේ දී ඇත්තේ, ඇදහිල්ලේත්, දෙවියන්වහන්සේගේ පුත්රයාණන් දැන ගැනීමේත් එකමුතුකමට අප සැවොම ළඟා වන තෙක් හා ක්රිස්තුස්වහන්සේගේ පරිපූර්ණත්වය, අංග සම්පූර්ණ ව ම අත්කර ගනිමින්, අප හැම එම පරිණත භාවයට පත් වන තෙක් ය.