එපීස 4:11-13 - Compare All Versions

එපීස 4:11-13 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඇතමුන් අපෝස්තුලුවරුන් ද ඇතමුන් දිවැසිවරුන් ද ඇතමුන් ශුභාරංචි දේශකයින් ද ඇතමුන් සභා පාලකයින් හා ගුරුවරුන් ද ලෙස දී ඇත්තේ උන්වහන්සේ ම ය. ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ගොඩ නැගෙන පිණිස සේවා-කටයුතු සඳහා ශුද්ධවන්තයින් හැඩගස්වනු පිණිස එසේ දී ඇත්තේ, ඇදහිල්ලේත්, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් දැන ගැනීමේත් එකමුතුකමට අප සැවොම ළඟා වන තෙක් හා ක්‍රිස්තුස්වහන්සේගේ පරිපූර්ණත්වය, අංග සම්පූර්ණ ව ම අත්කර ගනිමින්, අප හැම එම පරිණත භාවයට පත් වන තෙක් ය.

බෙදාගන්න
එපීස 4 SCV

එපීස 4:11-13 SROV (Sinhala Revised Old Version)

උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගතවක්තෘවරුන්ද සමහරුන් ශුභාරංචිය ප්‍රකාශකරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක. එසේ දුන්නේ ඇදහීමේද දෙවියන්වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතුකමටත්, සම්පූර්ණ පුරුෂකමටත්, ක්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණවූ උස මහතේ ප්‍රමාණයටත් අප සියල්ලන් පැමිණෙන තෙක්, ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණවීම සඳහා සේවය කිරීමේ වැඩය පිණිසත් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ වර්ධනයවීම පිණිසත්ය.

බෙදාගන්න
එපීස 4 SROV

එපීස 4:11-13 NRSV (Sinhala New Revised Version)

මේ ක්‍රිස්තුන් වහන්සේ, සමහරුන් ප්‍රේරිතයන් ද සමහරුන් දිවැසිවරුන් ද සමහරුන් ධර්ම දේශකයන් ද සමහරුන් සභා පාලකයන් ද සමහරුන් ගුරුවරුන් ද වශයෙන් පත් කළ සේක. එසේ කළේ දෙවියන් වහන්සේගේ සෙනඟ දේව සේවය සඳහා සම්පූර්ණයෙන් පුහුණු කිරීමටත්, ක්‍රිස්තු ශරීරය වර්ධනය කිරීමටත් ය. මේ ආකාරයෙන් ඇදහිල්ලේ ද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් දැනගැන්මේ ද එකමුතුකමටත්, ක්‍රිස්තුන් වහන්සේගේ පරිණතභාවයෙන් වන පරිපූර්ණ පෞරුෂත්වයටත් අපි පත් වන්නෙමු.

බෙදාගන්න
එපීස 4 NRSV

එපීස 4:11-13 SNRV (Sinhala New Revised Version 2018)

මේ ක්‍රිස්තුන් වහන්සේ, සමහරුන් අපෝස්තුළුවරුන් ද සමහරුන් දිවැසිවරුන් ද සමහරුන් ධර්ම දේශකයන් ද සමහරුන් සභා පාලකයන් ද සමහරුන් ගුරුවරුන් ද වශයෙන් පත් කළ සේක. එසේ කළේ දෙවියන් වහන්සේගේ සෙනඟ දේව සේවය සඳහා සම්පූර්ණයෙන් පුහුණු කිරීමටත්, ක්‍රිස්තු ශරීරය වර්ධනය කිරීමටත් ය. මේ ආකාරයෙන් ඇදහිල්ලේ ද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් දැනගැන්මේ ද එකමුතුකමටත්, ක්‍රිස්තුන් වහන්සේගේ පරිණතභාවයෙන් වන පරිපූර්ණ පෞරුෂත්වයටත් අපි පත් වන්නෙමු.

බෙදාගන්න
එපීස 4 SNRV

එපීස 4:11-13 NIV (New International Version)

So Christ himself gave the apostles, the prophets, the evangelists, the pastors and teachers, to equip his people for works of service, so that the body of Christ may be built up until we all reach unity in the faith and in the knowledge of the Son of God and become mature, attaining to the whole measure of the fullness of Christ.

බෙදාගන්න
එපීස 4 NIV