1
2 රාජාවලිය 5:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
මෙකල අරාම්හි රජුගේ හමුදාවේ සෙන්පති ව සිටියේ නාමාන් ය. ස්වාමින්වහන්සේ ඔහු මගින් අරාම් රටට ජය ගෙන දී තිබූ බැවින්, ඔහු තම ස්වාමියාගේ ඇස් හමුවේ උතුම් මිනිසකු ව, මහත් ගරු කටයුතු කෙනකු ව සිටියේ ය. ඔහු බලවත් රණශූරයකු ව සිටි නමුත්, ඔහුට කුෂ්ඨ රෝගයක් තිබිණි.
සසඳන්න
2 රාජාවලිය 5:1 ගවේෂණය කරන්න
2
2 රාජාවලිය 5:10
එලීෂා පණිවුඩකරුවකු ඔහු වෙත යවමින්, “යන්න, යොර්දාන් නදියේ හත් වරක් සේදෙන්න. ඔබේ මාංසය ප්‍රකෘතිමත් වී, ඔබ පවිත්‍ර වනු ඇතැ” යි කියා යැවී ය.
2 රාජාවලිය 5:10 ගවේෂණය කරන්න
3
2 රාජාවලිය 5:14
එබැවින් ඔහු ගොස්, යොර්දාන් නදියෙහි හත් වරක් ගිලුණේ ය. එවිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔහුට කී පරිදි, ඔහුගේ මාංසය ප්‍රකෘතිමත් වී, කුඩා දරුවකුගේ මෙන් පැහැපත් විය.
2 රාජාවලිය 5:14 ගවේෂණය කරන්න
4
2 රාජාවලිය 5:11
එහෙත් නාමාන් කෝපයෙන් හැරී යමින්, “ඇත්තෙන් ම මා සිතුවේ, ඔහු ඇවිත් මා ළඟ සිටගෙන, ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය කියා, කුෂ්ඨයට උඩින් අත වනා, මගේ කුෂ්ඨය සුව කරනු ඇත කියායි.
2 රාජාවලිය 5:11 ගවේෂණය කරන්න
5
2 රාජාවලිය 5:13
එවිට නාමාන්ගේ සේවකයෝ ඔහු වෙත අවුත්, “මගේ පියාණෙනි, ඒ දිවැසිවරයා ලොකු දෙයක් කරන්නැයි කීවා නම්, ඔබ එය කරන්නේ නැද්ද? ඔහු ඔබට කීවේ, ‘සේදී පවිත්‍ර වන්න’ කියා නො වේ දැ?” යි පැවසූහ.
2 රාජාවලිය 5:13 ගවේෂණය කරන්න
6
2 රාජාවලිය 5:3
ඇගේ ස්වාමි දූ ඇමතූ ඈ, “මගේ හාම්පුතා සමාරියේ සිටින දිවැසිවරයා ඉදිරියේ පෙනී සිටියොත්! මොහුගේ කුෂ්ඨය, ඔහු සුව කරනු ඇතැ” යි කීවා ය.
2 රාජාවලිය 5:3 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ