1
2 රාජාවලිය 4:2
සිංහල කාලීන පරිවර්තනය
SCV
එලීෂා ඇයට පිළිතුරු දෙමින්, “මා ඔබට කළ යුත්තේ කුමක් ද? කියන්න මට මොනවද ඔබේ ගෙදර තියෙන්නේ?” යි ඇසී ය. “ඔබේ දාසිය ළඟ ගෙදර කිසිවක් ම නැහැ; ඇත්තේ තෙල් කුළාවක් පමණකැ” යි ඈ පැවසුවා ය.
සසඳන්න
2 රාජාවලිය 4:2 ගවේෂණය කරන්න
2
2 රාජාවලිය 4:1
දිවැසිවර කණ්ඩායමේ කෙනකුගේ බිරිඳ එලීෂා අමතමින්, “ඔබගේ සේවක, මගේ සැමියා මිය ගිහින්. ඔහු ස්වාමින්වහන්සේට ගෞරව කළ කෙනකු වග ඔබ දන්නවා. ඒත් දැන් ඔහුගේ ණය හිමියා මගේ පුතුන් දෙදෙනා ඔහුගේ දාසයින් ලෙස ගෙන යන්නට ඇවිත් යැ” යි මොර ගෑවා ය.
2 රාජාවලිය 4:1 ගවේෂණය කරන්න
3
2 රාජාවලිය 4:3
එවිට ඔහු, “යන්න, අහළ පහළ ඔබේ අසල්වාසී සියල්ලන්ගෙන් හිස් භාජන ඉල්ලා ගන්න. භාජන ස්වල්පයක් නො වෙයි.
2 රාජාවලිය 4:3 ගවේෂණය කරන්න
4
2 රාජාවලිය 4:4
ඉන්පසු ඔබ හා ඔබේ පුතුන් ගෙතුළට ගොස්, දොර වසාගෙන, සියලු භාජනවලට තෙල් පුරවන්න. එක් එක් භාජනය පිරුණු විට, එය පසෙක තබන්නැ” යි කීවේ ය.
2 රාජාවලිය 4:4 ගවේෂණය කරන්න
5
2 රාජාවලිය 4:6
භාජන සියල්ල ම පිරුණු පසු, “තවත් භාජනයක් ගෙනෙන්නැ” යි ඈ තම පුතුට කීවා ය. “එක භාජනයක්වත් ඉතිරි ව නැතැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. එවිට තෙල් ගලා ඒම නැවතිණි.
2 රාජාවලිය 4:6 ගවේෂණය කරන්න
6
2 රාජාවලිය 4:7
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙත ගිය ඈ ඒ වග දැන්නුවා ය. එවිට ඔහු, “යන්න, තෙල් විකුණා ඔබේ ණයතුරුස් ගෙවන්න. ඉතිරි මුදලෙන් ඔබටත්, ඔබේ පුතුන්ටත් ජීවත් විය හැකි යැ” යි පැවසී ය.
2 රාජාවලිය 4:7 ගවේෂණය කරන්න
7
2 රාජාවලිය 4:5
ඔහු වෙතින් පිටත් ව ගිය ඈ හා ඇගේ පුත්තු දොර වසා ගත්හ. ඔවුන් ඇය වෙත භාජන ගෙනා කල, ඈ ඒවාට වත් කළා ය.
2 රාජාවලිය 4:5 ගවේෂණය කරන්න
8
2 රාජාවලිය 4:34
ඉන්පසු ඔහු යහනට ගොඩ වී, මුඛය පිට මුඛය ද ඇස් පිට ඇස් ද අත් පිට අත් ද යන වශයෙන් ළමයා පිට දිගා වුණේ ය. ඔහු ළමයා පිට දිගා වූ කල, ඔහුගේ සිරුර උණුසුම් වන්නට විය.
2 රාජාවලිය 4:34 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ