1
2 රාජාවලිය 6:17
සිංහල කාලීන පරිවර්තනය
SCV
එලීෂා යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, දකින පිණිස මොහුගේ ඇස් විවර කළ මැනව” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ සේවකයාගේ ඇස් විවර කළ සේක. ඔහු බැලූ කල මෙන්න! එලීෂා වටකර අශ්වයින්ගෙන් ද ගිනි රථවලින් ද කඳු පිරී තිබෙනු දිටී ය.
සසඳන්න
2 රාජාවලිය 6:17 ගවේෂණය කරන්න
2
2 රාජාවලිය 6:16
“භය වන්න එපා” යි කී දිවැසිවරයා, “ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝ යැ” යි කීවේ ය.
2 රාජාවලිය 6:16 ගවේෂණය කරන්න
3
2 රාජාවලිය 6:15
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සේවකයා පසු දා අලුයම අවදි වී, පිටතට ගිය කල, අශ්වයින්ගෙන් ද රථවලින් ද සමන්විත හමුදාවක් පුරවරය වටලා සිටියේ ය. “අහෝ මගේ ස්වාමිනි මොනවද අප කරන්නේ?” යි සේවකයා ඇසී ය.
2 රාජාවලිය 6:15 ගවේෂණය කරන්න
4
2 රාජාවලිය 6:18
අරාම්වරු තමා දෙසට එන විට එලීෂා ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “මේ ජනයාට අන්ධභාවයෙන් පහර දෙන්නැ” යි පැවසී ය. එබැවින් එලීෂා ඉල්ලූ පරිදි උන්වහන්සේ ඔවුන් අන්ධ කළ සේක.
2 රාජාවලිය 6:18 ගවේෂණය කරන්න
5
2 රාජාවලිය 6:6
“කෝ කොතැනට ද ඒක වැටුණේ?” යි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඇසී ය. ඔහු ඒ තැන ඔහුට පෙන් වූ කල, ඔහු ලීයක් කපා එතැනට හෙළී ය. එවිට යකඩය පා වන්නට විය.
2 රාජාවලිය 6:6 ගවේෂණය කරන්න
6
2 රාජාවලිය 6:5
ඔවුන්ගෙන් කෙනකු ගසක් කපන කල, යකඩ පොරෝ තලය වතුරට වැටිණි. “අනේ මා ස්වාමිනි, එය ඉල්ලා ගත් එකකි!” යි ඔහු මොර ගැසී ය.
2 රාජාවලිය 6:5 ගවේෂණය කරන්න
7
2 රාජාවලිය 6:7
“ඒක අරගන්නැ” යි ඔහු කී ය. එවිට ඒ මිනිසා තම අත දිගු කොට, එය ගත්තේ ය.
2 රාජාවලිය 6:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ