ඔවුහු නටමින්, මෙසේ ගැයූහ:
“සාවුල් මැරුවේ ය ඔහුගේ දහස් ගණන්,
දාවිත් මැරුවේ ය ඔහුගේ දස දහස් ගණන්.”
සාවුල් බෙහෙවින් කෝප විය. එම කියමන, ඔහු නො සතුටට පත් කළේ ය. “ඔවුහු දාවිත්ට දස දහස් ගණන් පිරිනමති. එහෙත් මට දහස් ගණන් පමණි. රජකම මිස, ඔහුට තවත් ලැබෙන්නට ඇත්තේ වෙන මොනවා දැ?” යි ඔහු සිතී ය.