1
1 සාමුවෙල් 17:45
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට දාවිත්, පිලිස්තීයයා අමතමින්, “නුඹ කඩු, හෙල්ල, තෝමර දරා, මට එරෙහිව ආවත්, මා නුඹට එරෙහිව එන්නේ, නුඹ විසින් නිග්රහ කළ සේනාංකවල ස්වාමින්වහන්සේගේ නාමයෙන්; ඉශ්රායෙල් හමුදාවල දෙවියන්වහන්සේගේ නාමයෙන්.
සසඳන්න
1 සාමුවෙල් 17:45 ගවේෂණය කරන්න
2
1 සාමුවෙල් 17:47
ස්වාමින්වහන්සේ ගලවන්නේ කඩුවෙන් හෝ හෙල්ලයෙන් නො වන වග මෙහි රැස් ව සිටින සැවොම එවිට දැනගන්නවා ඇති. මන්ද සටන ස්වාමින්වහන්සේගේයි. උන්වහන්සේ අපේ අත්වලට නුඹලා දෙනු ඇතැ” යි පැවසී ය.
1 සාමුවෙල් 17:47 ගවේෂණය කරන්න
3
1 සාමුවෙල් 17:37
සිංහයාගේ නියපහරින් හා වලසාගේ නියපහරින් මා මිදූ ස්වාමින්වහන්සේ මේ පිලිස්තීයයාගේ අතින් ද මා මුදා ගන්නා සේකැ” යි කීවේ ය. එවිට සාවුල්, “යන්න, ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේක්වා” යි දාවිත්ට පැවසී ය.
1 සාමුවෙල් 17:37 ගවේෂණය කරන්න
4
1 සාමුවෙල් 17:46
ස්වාමින්වහන්සේ අද දවසේ මගේ අතට නුඹ යටත් කර දෙන සේක. මම නුඹ ගසා හෙළා, නුඹේ හිස ගසා දමනවා; අද දවසේ මා පිලිස්ති හමුදාවල මළ කඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ වන-මෘගයින්ටත් දෙනවා. ඉශ්රායෙල්හි දෙවියන්වහන්සේ කෙනකුන් වැඩ වසන වග එවිට මුළු ලෝකය ම දැන ගනීවි.
1 සාමුවෙල් 17:46 ගවේෂණය කරන්න
5
1 සාමුවෙල් 17:40
ඉන්පසු ඔහු තම කෙවිට තම අතින් ගෙන, සුමුදු ගල් කැට පහක් දිය පහර වෙතින් අහුලා, ඒවා තම එඬේර මලු පසුම්බියේ ලා ගත්තේ ය. තම ගල්-පටිය තම අතින් ගත් ඔහු පිලිස්තීයයා දෙසට ළඟා විය.
1 සාමුවෙල් 17:40 ගවේෂණය කරන්න
6
1 සාමුවෙල් 17:32
එවිට දාවිත්, සාවුල් අමතමින්, “මේ පිලිස්තීයයා නිසා කිසිවකුත් අධෛර්ය විය යුතු නැහැ. ඔබේ සේවක මා ගොස්, ඔහු සමඟ සටන් කරන්නම්” යයි කීවේ ය.
1 සාමුවෙල් 17:32 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ