1
1 යොහන් 4:18
සිංහල කාලීන පරිවර්තනය
SCV
ප්‍රේමය තුළ බයක් නැත. පරිපූර්ණ ප්‍රේමය බය පිටත හෙළයි. බය ඇති වන්නේ දඬුවම සම්බන්ධ ව ය; බය වන තැනැත්තා ප්‍රේමය තුළ සම්පූර්ණ කරනු ලැබ නැත.
සසඳන්න
1 යොහන් 4:18 ගවේෂණය කරන්න
2
1 යොහන් 4:4
ප්‍රිය දරුවනි, ඔබ දෙවියන්වහන්සේගෙන් ය. ඔබ ඔවුන්ගෙන් ජය ගෙන තිබේ. මන්ද ලෝකයේ සිටින තැනැත්තාට වඩා ඔබ තුළ සිටින තැනැත්තාණන් උතුම් ය.
1 යොහන් 4:4 ගවේෂණය කරන්න
3
1 යොහන් 4:19
අප ප්‍රේම කරන්නේ, පළමු කොට උන්වහන්සේ අපට ප්‍රේම කළ නිසා ය.
1 යොහන් 4:19 ගවේෂණය කරන්න
4
1 යොහන් 4:7
ප්‍රේමණීයයනි, අපි, එකිනෙකාට ප්‍රේම කරමු; මන්ද ප්‍රේමය දෙවියන්වහන්සේගෙන් ය. ප්‍රේම කරන කවුරුන් වුව, දෙවියන්වහන්සේගෙන් ඉපිද සිටින්නෙකි; දෙවියන්වහන්සේ හඳුනන්නෙකි.
1 යොහන් 4:7 ගවේෂණය කරන්න
5
1 යොහන් 4:8
ප්‍රේම නො කරන කවුරුන් වුව, දෙවියන්වහන්සේ හඳුනන්නේ නැත. මන්ද දෙවියන්වහන්සේ ප්‍රේමය ය.
1 යොහන් 4:8 ගවේෂණය කරන්න
6
1 යොහන් 4:10
ප්‍රේමය නම් මෙයයි: අප දෙවියන්වහන්සේට ප්‍රේම කළා නො ව, උන්වහන්සේ අපට ප්‍රේම කරමින්, අපගේ පාප උදෙසා වන්දි මිලය ගෙවීමේ පූජාව වශයෙන් ස්වකීය පුත්‍රයාණන් එවීම ය.
1 යොහන් 4:10 ගවේෂණය කරන්න
7
1 යොහන් 4:11
ප්‍රේමණීයයනි, දෙවියන්වහන්සේ අපට එතරම් ප්‍රේම කළ සේක් නම්, අපත් එකිනෙකාට ප්‍රේම කළ යුතු ම ය.
1 යොහන් 4:11 ගවේෂණය කරන්න
8
1 යොහන් 4:9
දෙවියන්වහන්සේගේ ප්‍රේමය අප අතරේ ප්‍රකාශ වූයේ මෙලෙසිනි: එනම් දෙවියන්වහන්සේ ස්වකීය එක ම පුත්‍රයාණන් මෙලොවට එවීමෙනි. එසේ කළේ, උන්වහන්සේ මගින් අප ජීවත් වන පිණිස ය.
1 යොහන් 4:9 ගවේෂණය කරන්න
9
1 යොහන් 4:20
යමෙක්, “මම දෙවියන්වහන්සේට ප්‍රේම කරමි” යි කියමින්, තම සහෝදරයාට වෛර කරනවා නම්, ඔහු බොරුකාරයෙකි. මන්ද තමන් දැක ඇති සහෝදරයාට ප්‍රේම නො කරන්නාට, තමන් දැක නැති දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට බැරි ය.
1 යොහන් 4:20 ගවේෂණය කරන්න
10
1 යොහන් 4:15
යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බැව් පිළිගන්නා තුළ දෙවියන්වහන්සේ ද උන්වහන්සේ තුළ ඔහු ද පැවත සිටියි.
1 යොහන් 4:15 ගවේෂණය කරන්න
11
1 යොහන් 4:21
උන්වහන්සේගෙන් අපට ආඥාව මෙයයි: දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නා තම සහෝදරයාට ද ප්‍රේම කළ යුතු ය.
1 යොහන් 4:21 ගවේෂණය කරන්න
12
1 යොහන් 4:1-2
ප්‍රේමණීයයනි, හැම ආත්මයක් ම විශ්වාස නො කරන්න. ඔවුන් දෙවියන්වහන්සේ වෙතින් ද යන වග පරීක්ෂා කර බලන්න. මන්ද බොරු දිවැසිවරුන් බොහෝ දෙනෙක් ලෝකයට ගොස් සිටිති. දෙවියන්වහන්සේගේ ආත්මයාණන් ඔබ හැඳින ගන්නේ මෙලෙසිනි; යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, මාංසයෙන් පැමිණි වග පිළිගන්නා ආත්මය දෙවියන්වහන්සේගෙනි.
1 යොහන් 4:1-2 ගවේෂණය කරන්න
13
1 යොහන් 4:3
එහෙත් යේසුස්වහන්සේ නො පිළිගන්නා හැම ආත්මයක් ම දෙවියන්වහන්සේගෙන් නො වේ. පැමිණෙනු ඇතැයි ඔබ අසා ඇති, එහෙත් දැනටමත් ලෝකයේ සිටින ව්‍යාජ-ක්‍රිස්තුස්ගේ ආත්මය මෙයයි.
1 යොහන් 4:3 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ