1
1 යොහන් 3:18
සිංහල කාලීන පරිවර්තනය
SCV
ප්‍රිය දරුවනි, වචනයෙන් හා කතාවෙන් නො ව ක්‍රියාවෙන් හා සත්‍යයෙන් ප්‍රේම කරමු.
සසඳන්න
1 යොහන් 3:18 ගවේෂණය කරන්න
2
1 යොහන් 3:16
අප ප්‍රේමය හැඳින ගන්නේ මෙයිනි; එනම්, උන්වහන්සේ අප උදෙසා සිය ජීවිතය දීම මගිනි. අප ද අප සහෝදරයින් උදෙසා ජීවිතය දිය යුතු ව ඇත.
1 යොහන් 3:16 ගවේෂණය කරන්න
3
1 යොහන් 3:1
අප දෙවියන්වහන්සේගේ දරුවෝ යයි අමතනු ලබන්නට තරම් කෙතරම් විශිෂ්ට ප්‍රේමයක් පියාණන්වහන්සේ අපට දක්වා ඇද්දැයි බලන්න. අප දරුවන් ම ය! ලෝකයා අප නො හඳුනන්නේ, ඔවුන් දෙවියන්වහන්සේ නො හඳුනන බැවිනි.
1 යොහන් 3:1 ගවේෂණය කරන්න
4
1 යොහන් 3:8
පාප ක්‍රියා කරන්නා අයිති යක්ෂයාට ය. මන්ද යක්ෂයා පටන් ගැන්මේ සිට ම පව්කරන්නෙකි. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ වීමේ හේතුව, යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීම ය.
1 යොහන් 3:8 ගවේෂණය කරන්න
5
1 යොහන් 3:9
දෙවියන්වහන්සේගෙන් ඉපිද සිටින කිසිවකු දිගට ම පව් කරන්නේ නැත. මන්ද දෙවියන්වහන්සේගේ බීජය ඔහු තුළ පවතී; දෙවියන්වහන්සේගෙන් ම ඉපිද සිටින බැවින් පව් කිරීමට ඔහුට නුපුළුවන.
1 යොහන් 3:9 ගවේෂණය කරන්න
6
1 යොහන් 3:17
ලෞකික ධනය හිමි කෙනෙක් තම සහෝදරයාගේ අග හිඟකම් දැක, ඔහු ගැන තම හදවත වසා ගනී නම්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේ ද?
1 යොහන් 3:17 ගවේෂණය කරන්න
7
1 යොහන් 3:24
උන්වහන්සේගේ ආඥා පිළිපදින්නෝ, උන්වහන්සේ තුළ පැවත සිටිති. උන්වහන්සේ ද ඔවුන් තුළ පැවත සිටිති. උන්වහන්සේ අප තුළ පැවත සිටින බව අප දැනගන්නේ මෙයිනි; උන්වහන්සේ ම අපට දුන් ආත්මයාණන්වහන්සේ මගිනි.
1 යොහන් 3:24 ගවේෂණය කරන්න
8
1 යොහන් 3:10
දෙවියන්වහන්සේගේ දරුවන් කවුරු ද, යක්ෂයාගේ දරුවන් කවුරු ද යන්න පැහැදිලි ව පෙනෙන්නේ මෙයිනි. ධර්මිෂ්ඨකම් නො කරන්නා දෙවියන්වහන්සේගෙන් නො වේ; තම සහෝදරයාට ප්‍රේම නො කරන්නා ද එසේ ම ය.
1 යොහන් 3:10 ගවේෂණය කරන්න
9
1 යොහන් 3:11
මුල පටන් ඔබ ඇසූ පණිවුඩය, අප එකිනෙකාට ප්‍රේම කළ යුතු ය යන්නයි.
1 යොහන් 3:11 ගවේෂණය කරන්න
10
1 යොහන් 3:13
සහෝදරයිනි, ලෝකයා ඔබට වෛර වන කල, පුදුම නො වන්න.
1 යොහන් 3:13 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ