1
1 යොහන් 5:14
සිංහල කාලීන පරිවර්තනය
SCV
උන්වහන්සේ ඉදිරියේ අපට ඇති සහතිකය මෙයයි: උන්වහන්සේගේ කැමැත්තට අනුව අප යමක් ඉල්ලන කල, උන්වහන්සේ ඊට සවන් දෙන බවයි.
සසඳන්න
1 යොහන් 5:14 ගවේෂණය කරන්න
2
1 යොහන් 5:15
අප ඉල්ලන කවර දෙයකට වුව උන්වහන්සේ අපට සවන් දෙන වග අප දන්නවා නම්, උන්වහන්සේගෙන් අප ඉල්ලූ ඉල්ලීම අපට ලැබෙන බව අපි දනිමු.
1 යොහන් 5:15 ගවේෂණය කරන්න
3
1 යොහන් 5:3-4
දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම මෙයයි: එනම් උන්වහන්සේගේ ආඥා රක්ෂා කිරීමයි. උන්වහන්සේගේ ආඥා බර නැත. මන්ද දෙවියන්වහන්සේගෙන් උපත ලැබූ හැම කෙනකු ම ලෝකයෙන් ජය ගනී. ලෝකයෙන් ජය ගන්න ජයග්‍රහණය, අපගේ ඇදහිල්ලයි.
1 යොහන් 5:3-4 ගවේෂණය කරන්න
4
1 යොහන් 5:12
පුත්‍රයාණන් ඇත්තාට ජීවනය ඇත. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් නැත්තාට ජීවනය නැත.
1 යොහන් 5:12 ගවේෂණය කරන්න
5
1 යොහන් 5:13
දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය විශ්වාස කරන ඔබට මා මේ දෑ ලියන්නේ, ඔබට සදාතන ජීවනය තිබෙන බව ඔබ දැනගන්නා පිණිස ය.
1 යොහන් 5:13 ගවේෂණය කරන්න
6
1 යොහන් 5:18
දෙවියන්වහන්සේගෙන් උපත ලබා සිටින හැම කෙනකු ම දිගින් දිගට පව් නො කරන වග අපි දනිමු. දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තාණෝ ඔහු සුරකින සේක; ඔහුට අත ගැසීමට නපුරාට නුපුළුවන.
1 යොහන් 5:18 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ