1
1 යොහන් 2:15-16
සිංහල කාලීන පරිවර්තනය
SCV
ලෝකයටවත්, ලෝකයේ කිසිවකටවත් ප්‍රේම නො කරන්න. යමෙක් ලෝකයට ප්‍රේම කරනවා නම්, පියාණන්වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ නැත. මන්ද මාංසික තෘෂ්ණා, ඇස පිනවන ආශා හා තමන් සන්තක දෑ ගැන උඩඟුව යන දෑ පියාණන්වහන්සේගෙන් නො වේ; ලෝකයෙන් ය.
සසඳන්න
1 යොහන් 2:15-16 ගවේෂණය කරන්න
2
1 යොහන් 2:17
ලෝකය පහ වී යමින් තිබෙන්නේ, එහි තෘෂ්ණා ද සමඟ ය. එහෙත්, දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන කවුරු වුවත් සදහට ම පවතියි.
1 යොහන් 2:17 ගවේෂණය කරන්න
3
1 යොහන් 2:6
උන්වහන්සේ තුළ පැවත සිටිනවායැයි කියන කවුරු වුවත්, උන්වහන්සේ කළ ලෙස ම පැවත සිටිය යුතු ය.
1 යොහන් 2:6 ගවේෂණය කරන්න
4
1 යොහන් 2:1
මා ප්‍රිය දරුවනි, මේවා මා ඔබට ලියන්නේ, ඔබ පව් නො කරන පිණිස ය. එහෙත් යමකු පව් කළොත්, ධර්මිෂ්ඨ වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නම් මැදහත්කරුවාණන් කෙනෙක් අප උදෙසා පියාණන්වහන්සේ වෙත සිටින සේක.
1 යොහන් 2:1 ගවේෂණය කරන්න
5
1 යොහන් 2:4
යමකු, “මා උන්වහන්සේ හැඳින ගැනීමට පැමිණ තිබෙනවා ය” කියන නමුත් උන්වහන්සේගේ ආඥා පිළිපදින්නේ නැති නම් ඔහු බොරුකාරයෙකි; සත්‍යය ද ඔහු තුළ නැත.
1 යොහන් 2:4 ගවේෂණය කරන්න
6
1 යොහන් 2:3
අප උන්වහන්සේ හැඳින ගැනීමට පැමිණ ඇති වග, අප දැනගන්නේ මෙයින් ය; එනම් අප උන්වහන්සේගේ ආඥා පිළිපදිනවා නම් ය.
1 යොහන් 2:3 ගවේෂණය කරන්න
7
1 යොහන් 2:9
තමා ආලෝකයේ සිටින්නේ ය කියමින්, තම සහෝදරයාට වෛර කරන කවුරු වුව ද තවමත් අන්ධකාරයේ සිටියි.
1 යොහන් 2:9 ගවේෂණය කරන්න
8
1 යොහන් 2:22
බොරුකාරයා කවුරු ද? යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ ය යන්න ප්‍රතික්ෂේප කරන්නා ය. ව්‍යාජ-ක්‍රිස්තුස් මොහු ය; පියාණන්වහන්සේ ද පුත්‍රයාණන්වහන්සේ ද ප්‍රතික්ෂේප කරන්නා ය.
1 යොහන් 2:22 ගවේෂණය කරන්න
9
1 යොහන් 2:23
පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන කවරකුටවත් පියාණන්වහන්සේ ද නැත. පුත්‍රයාණන් පිළිගන්නා කවරකුට වුව ද, පියාණන්වහන්සේ ද ඇත.
1 යොහන් 2:23 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ