1
ගීතාවලිය 37:4
Sinhala New Revised Version 2018
SNRV
සමිඳුන් කෙරේ ප්රීතිමත් වන්න; එතුමාණෝ ඔබේ මන දොළ ඉටු කරනු ඇත.
සසඳන්න
ගීතාවලිය 37:4 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 37:5
ඔබේ ගමන් මඟ හිමිතුමාණන්ට භාර දෙන්න; එතුමාණෝ කෙරේ විශ්වාසය තබන්න; හිමිතුමාණන් හැම දෙය ඉටු කර දෙනු ඇත.
ගීතාවලිය 37:5 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 37:7
සමිඳුන් කෙරේ රඳා, ඉවසිල්ලෙන් එතුමාණන්ගේ පැමිණීම බලා ඉන්න; සිය ජීවිතයෙහි දියුණු වන්නා ගැන වත්, වැරදි දේ කොට ජයගන්නා ගැන වත් ඊර්ෂ්යා නොකරන්න.
ගීතාවලිය 37:7 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 37:3
සමිඳාණන් වහන්සේ කෙරේ විශ්වාසය තබා යහපත කරන්න; දේශයෙහි සුව සේ වෙසෙන්න.
ගීතාවලිය 37:3 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 37:23-24
සමිඳාණෝ මිනිසෙකුගේ දිවි මඟ හසුරුවන සේක; ඔහුගේ ක්රියා කලාපය ගැන සතුටු වන සේක. ඔහු වැටුණත් වැටී ම නොසිටියි; සමිඳාණෝ සිය’තින් ඔහු නැඟුටුවන සේක.
ගීතාවලිය 37:23-24 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 37:6
හිමිතුමාණන් ඔබේ යහපත්කම ඉර එළිය මෙන් ද ඔබේ දැහැමිකම මද්දහන මෙන් ද බබළවන සේක.
ගීතාවලිය 37:6 ගවේෂණය කරන්න
7
ගීතාවලිය 37:8
කෝපයෙන් වැළකෙන්න; උදහසින් ඈත් වන්න; නොකලකිරෙන්න; මේවායින් ඇති වන්නේ නපුර පමණ ය.
ගීතාවලිය 37:8 ගවේෂණය කරන්න
8
ගීතාවලිය 37:25
මම දැන් යොවුන් විය ගෙවා මහලු ව සිටිමි; සමිඳුන් සුදනෙකු අත්හළ බව වත්, ඔහුගේ දූදරුවන් සිඟමනේ ගිය බව වත් කිසි දා නුදුටිමි.
ගීතාවලිය 37:25 ගවේෂණය කරන්න
9
ගීතාවලිය 37:1
නපුර කරන අය ගැන නොකලකිරෙන්න; අදමිටුකම් කරන අයට ඊර්ෂ්යා නොකරන්න.
ගීතාවලිය 37:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ