1
ශුද්ධවර මතෙව් 5:15-16
Sinhala New Revised Version 2018
SNRV
මිනිස්සු පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති; එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි. එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.”
සසඳන්න
ශුද්ධවර මතෙව් 5:15-16 ගවේෂණය කරන්න
2
ශුද්ධවර මතෙව් 5:14
“ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකි ය.
ශුද්ධවර මතෙව් 5:14 ගවේෂණය කරන්න
3
ශුද්ධවර මතෙව් 5:8
නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේ දකින්නෝ ය.
ශුද්ධවර මතෙව් 5:8 ගවේෂණය කරන්න
4
ශුද්ධවර මතෙව් 5:6
ධර්මිෂ්ඨකම උදෙසා සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු තෘප්තිමත් වන්නෝ ය
ශුද්ධවර මතෙව් 5:6 ගවේෂණය කරන්න
5
ශුද්ධවර මතෙව් 5:44
එහෙත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න.
ශුද්ධවර මතෙව් 5:44 ගවේෂණය කරන්න
6
ශුද්ධවර මතෙව් 5:3
“සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.
ශුද්ධවර මතෙව් 5:3 ගවේෂණය කරන්න
7
ශුද්ධවර මතෙව් 5:9
සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය යි කියනු ලබන්නෝ ය.
ශුද්ධවර මතෙව් 5:9 ගවේෂණය කරන්න
8
ශුද්ධවර මතෙව් 5:4
ශෝක වන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු සැනසීම ලබන්නෝ ය.
ශුද්ධවර මතෙව් 5:4 ගවේෂණය කරන්න
9
ශුද්ධවර මතෙව් 5:10
ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය
ශුද්ධවර මතෙව් 5:10 ගවේෂණය කරන්න
10
ශුද්ධවර මතෙව් 5:7
දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දයාව ලබන්නෝ ය.
ශුද්ධවර මතෙව් 5:7 ගවේෂණය කරන්න
11
ශුද්ධවර මතෙව් 5:11-12
මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට, නානා විධ අසත්‍ය චෝදනා නඟන කල ඔබ භාග්‍යවන්තයෝ ය; ප්‍රීති ප්‍රමෝද වන්න; මන්ද, ස්වර්ගයෙහි ඔබේ පලවිපාකය ඉමහත් ය. ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔව්හු එලෙස ම පීඩා කළහ.”
ශුද්ධවර මතෙව් 5:11-12 ගවේෂණය කරන්න
12
ශුද්ධවර මතෙව් 5:5
මොළොක් ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දේශය උරුම කර ගන්නෝ ය.
ශුද්ධවර මතෙව් 5:5 ගවේෂණය කරන්න
13
ශුද්ධවර මතෙව් 5:13
“ඔබ පොළොවේ ලුණු ය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නට ද, මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නට ද මිස, අන් කිසිවකට සුදුසු නැත.
ශුද්ධවර මතෙව් 5:13 ගවේෂණය කරන්න
14
ශුද්ධවර මතෙව් 5:48
එබැවින් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණ ව සිටින්නාක් මෙන් ඔබ ද සර්ව සම්පූර්ණ වන්න.”
ශුද්ධවර මතෙව් 5:48 ගවේෂණය කරන්න
15
ශුද්ධවර මතෙව් 5:37
ඔබේ අදහස ‘එසේ ය’ කීම නම්, ‘එසේ ය’ කියා ද, ‘නැත’ කීම නම්, ‘නැත’ කියා ද වේ වා. ඊට වැඩිමනත් යමක් ඇද්ද, එය එන්නේ නපුරාගෙන් ය.”
ශුද්ධවර මතෙව් 5:37 ගවේෂණය කරන්න
16
ශුද්ධවර මතෙව් 5:38-39
“ ‘ඇසට ඇස ය, දතට දත ය’ යන කීම ඔබ අසා ඇත. එහෙත්, මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න.
ශුද්ධවර මතෙව් 5:38-39 ගවේෂණය කරන්න
17
ශුද්ධවර මතෙව් 5:29-30
වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම්, එය උගුලා ඉවත ලන්න; මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත. වරදට වැටීමට හේතුව ඔබේ දකුණත නම්, එය කපා දමන්න; මුළු ශරීරය නිරාගත වීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.
ශුද්ධවර මතෙව් 5:29-30 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ